IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කටුගස්තොට තේක්කවත්ත කුණු කන්දත් නායයයි

(මොහොමඩ් ආසික්)
 
 
මහනුවර මහ  නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක්  කසළ  බැහැර කිරීම සඳහා භාවිත කරන කටුගස්තොට තේක්කවත්ත නමැති ඉඩමේ  පිහිටි කසළ කන්දේ කොටසක්  නාය යෑමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
 
කසළ  කන්දෙන් එක් විශාල කොටසක් විශාල ශබ්දයක් නගමින් නාය ගිය ගිය බවත් එම කසළ තම නිවස  ආසන්නයට පැමිණීම නිසා තම ඉඩමේ ද කසළ ගොඩ ගැසී ඇති බවත් නාය යෑම සිදුව ඇති ස්ථානය ආසන්නයේ පදිංචිව සිටින එච්. කේ. අනුර මහතා කීය. 
 
 “මේ ගැන අපි මීට පෙරත් අවශ්‍ය අයට දැනුම්දීලා තියෙනවා. නමුත් පිළියමක් ලැබුණේ නෑ. ඔවුන් ප්‍රශ්නය විසඳනකම් අපට නිහඬව ඉන්න කියනවා. නමුත් විසඳන්නේ නෑ” යැයිද ඔහු කීය.
 
තේක්කවත්තේ නාය නොයන කොටස නිලධාරීන් විසින් ඉවත් කර  ඇති බවත් අවදානම සහිත කොටස තවමත් ඒ ආකාරයෙන් පවතින බවත්  දිනෙන් දින එම  අවදානම වැඩි වන බවත් තේක්කවත්ත ශ්‍රී බෝධිමළු විහාරාධිපති පූජ්‍ය ලස්සනගම චන්දෝදය හිමියෝ සඳහන් කළහ. 
 
දුර්ගන්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවිඳින බව තේක්කවත්ත සුරැකීමේ පරිසර එකමුතුවේ ජේ. බී. වීරසේකර මහතා පැවසීය.
 
කටුගස්තොට තේක්කවත්ත නමැති ඉඩමේ  පිහිටි කසළ කන්දේ  තවත්  කොටස් නාය  යෑමේ අවදානම පවතින බැවින් වහා ක්‍රියාමාර්ගයක් ගෙන අදාළ පහසුකම් සලසන්නැයි  ප්‍රදේශවාසීහු  ඉල්ලා සිටිති.

 

 



අදහස් (0)

කටුගස්තොට තේක්කවත්ත කුණු කන්දත් නායයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site