(ඩී. ජී. සුගතගපාල සහ ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
අක්මීමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක අද (26) ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
ගිනි ගත් පළමු මහලේ ප්ලාස්ටික් භාණ්ඩ ගබඩා කර තිබූ අතර ඒවා සියල්ලම විනාශවී ඇති අතර ඉහළ මාලයේ තිබූ බඩු බාහිරාදියටද සුළු වශයෙන් හානිවී ඇත.
මෙම ගින්න යාබදව පිහිටි පාවහන් අලෙවිසලටද පැතිරගොස් ඇති අතර එම වෙළඳසැලද සම්පූර්ණයෙන්ම විනාශවී ඇත.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ අක්මීමණ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා තිබේ.
විදුලිය කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න ඇතිවී තිබෙන බවට පොලිසිය සැක පළකරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර අක්මීමණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
අක්මීමණ ගින්නකින් වෙළඳසැල් දෙකක් විනාශයි