(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
බෝමිරිය ජාතික පාසලේ විදුහල්පතිවරයා වහාම ඉවත් කර පරිපාලනයට දක්ෂ නව විදුහල්පතිවරයෙක් පත් කරන්නැයි බලධාරීන්ට බල කරමින් අද (26) මව්පියෝ උද්ඝෝෂණයක් කළහ.
හදිසි තත්ත්වයක් ඇති වුවහොත් පාලනය කිරීම ස ඳහා උද්ඝෝෂණය පැවැති ස්ථානයට පොලීසිය , කැරලි මර්ධන ඒකකය ,ජල ප්‍රහාරක බවුසර්ද කැඳවා තිබිණි.
ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව විදුහල්පතිවරයාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ පාසල් පද්ධතිය තුළ පොදුවේ ගැටලු පවතින බවත් ඒවාට දැඩි දඬුවම් දීමට තමන්ට අවසරයක් නොමැති බවයි. එලෙස දඩුවම් කිරීමට අයිතිය ඇත්තේ පොලීසියට බවත් සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd