IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බීඩි කොළ තවත් කිලෝ 100 ක් ඌරුමලෙන් සොයා ගනී

(සිතුම් චතුරංග)
                
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ බීඩි කොළ කිලෝ 100ක් තලෙයිමන්නාරම ඌරුමලෙයි වෙරළ තීරයේදී අද (26) සොයා ගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි.

හිමිකරුවකු නොමැති පාර්සල් දෙකක් උරුමලෙයි මුහුදු තීරයේ තිබෙන බවට තලෙයිමන්නාරම පොලිස් නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී බීඩි කොළ තොගය සොයාගෙන තිබේ.

සොයාගත් බීඩි කොළ තොගයේ වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බවද පොලිසිය පවසයි.

ජලය කාන්දු නොවන අයුරින් ඉටි මළු දෙකක් තුළ අසුරා මෙම බිඩි කොළ තොගය අසුරා තිබූ අතර කිසියම් ප‍්‍රදේශයකට රැගෙන යාම සඳහා මෙය සූදානම් කර තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

බීඩි කොළ තොගය රැගෙන ආ පුද්ගලයින් ආරක්ෂක අංශ දැක වෙරළේ අතහැර පලා යන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.

සොයාගත් බීඩි කොළ තොගය අද (26) මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බීඩි කොළ තවත් කිලෝ 100 ක් ඌරුමලෙන් සොයා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site