(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ බීඩි කොළ කිලෝ 100ක් තලෙයිමන්නාරම ඌරුමලෙයි වෙරළ තීරයේදී අද (26) සොයා ගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි.
හිමිකරුවකු නොමැති පාර්සල් දෙකක් උරුමලෙයි මුහුදු තීරයේ තිබෙන බවට තලෙයිමන්නාරම පොලිස් නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී බීඩි කොළ තොගය සොයාගෙන තිබේ.
සොයාගත් බීඩි කොළ තොගයේ වෙළඳ වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන බවද පොලිසිය පවසයි.
ජලය කාන්දු නොවන අයුරින් ඉටි මළු දෙකක් තුළ අසුරා මෙම බිඩි කොළ තොගය අසුරා තිබූ අතර කිසියම් ප‍්‍රදේශයකට රැගෙන යාම සඳහා මෙය සූදානම් කර තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
බීඩි කොළ තොගය රැගෙන ආ පුද්ගලයින් ආරක්ෂක අංශ දැක වෙරළේ අතහැර පලා යන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි.
සොයාගත් බීඩි කොළ තොගය අද (26) මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd