IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අ‘පුර ප්‍රාදේශීය විදුලි සේවකයෝ විරෝධතාවක්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ නිවසකට විදුලි බිල්පත ලබාදීමට ගිය විදුලි බල මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවයේ නියුතු භාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරිවරයෙකුට පහර දීමේ සිද්ධියට  විරෝධය දක්වමින්   අද (18) උද්ඝෝෂයක් පැවැත්විණි.

පසුගිය 14 වැනි දා විදුලි බල මණ්ඩලයේ සේවකයාට පහර දුන් පුද්ගලයා දින පහක් ගතව ගියද මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට එරෙහිව  විරෝධය පල කරමින් විදුලි බල මණ්ඩලයේ සේවකයෝ කළු පටි බැද  අනුරාධපුර පොලිසියට විරෝධය පල කරමින් අනුරාධපුර ඩි.එස්.සේනානායක වට රවුම ඉදිරිපිට මෙලෙස උද්ඝෝෂණය කළහ.

මෙසේ පහර කැමට ලක්ව ඇත්තේ විදුලි බල මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශිය විදුලි ඉංජිනේරැ කාර්යාලයේ සේවයේ නියුතු මේනුක දිල්සාන් ධර්මසේන (22)නැමති පාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරිවරයෙකි.

මෙම පාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරිවරයා පසුගිය (14)දින අනුරාධපුර,බුද්ධගයා මාවතේ,කඩපනහ ඇතුල් මාර්ගයක පිහිටි නිවසක විදුලි මිටරය පරික්ෂාකර විදුලි බිල්පත ලබාදිමේදි එම නිවසේ සිටි පුද්ගලයෙකුගේ පහර කැමට ලක්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ගෙන තිබුණි.

එහෙත් මෙම පහරදිමට සම්බන්ධ පුද්ගලයා මෙතෙක් අත් අඩංගුවට නොගැනිමට විරෝධය පල කරමින් විදුලි බල මණ්ඩලයේ භාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරින් ඇතුළු සේවකයන් රැසක් කළු  පටි බැද මෙසේ උද්ඝෝෂණයේ නිරත වුහ.

විවිධ පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරතවුවන් කියා සිටියේ විදුලි සේවකයාට පහර දුන් මැරයා වහාම අත් අඩංගුවට ගන්නා ලෙසය.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිවිය.

මෙහිදි අදහස් දැක්වු විදුලිබල මණ්ඩලයේ කැකිරාව විදුලි ඉංජිනේරැ කාර්යාලයේ සේවයේ නියුතු භාරිභෝගික සම්බන්ධිකාරක නිලධාරි ඩි.එම්.එස්.ජයරත්න මහතා මෙසේ පැවසිය.අපේ නිලධාරියාට පහර දිලා දින හතරක් ගත වෙනවා.

අපි පොලිසියට පැමිණිලි කලත් මෙතෙක් පහර දුන් පුද්ගලයා අත් අඩංගුවට අරන් නැහැ.විදුලි බල මණ්ඩලයේ සේවකයන් දවසේ පැය 24 පුරා අව්ව,වැස්ස බලන්නේ නැතිව සේවයේ නිරත වෙනවා.

මේ විදියට පහර දෙන්න ගියොත් අපේ අයට රාජකාරියක් සිදු කරන්න බැහැ.ඒ නිසා වහාම මෙම පුද්ගලයා අත් අඩංගුවට ගන්නා ලෙසට අපි පොලිසියට කියනවා.එසේ නැති වුනොත් මිට එහා ගිය වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නා බවද ඔහු මෙහිදි පැවසිය.

අනතුරැව එහි පැමිණි අනුරාධපුර පොලිසියේ නිලධාරින් පවසා සිටියේ සැකකරු මේවන විට නිවසින් පලා ගොස් ඇති බවයි.කඩිනමින් සැකකරු අත් අඩංගුවට ගන්නා බවත් ඊට තව පැය 24 ක කාලයක් තමන්ට ලබා දෙන ලෙස ඔවුහු වර්ජකයන් ගෙන් ඉල්ලා සිටියහ.ඒ අනුව විදුලි බල මණ්ඩල සේවකයන්ගේ විරෝධය අවසන් විය.

 

 



අදහස් (0)

අ‘පුර ප්‍රාදේශීය විදුලි සේවකයෝ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site