(චමිල් රූපසිංහ)
කුල දැරියන් දෙනෛකු සහ උපාසිකාවන් දෙදෙනෙකු අද (17) පිලිමතලාව පරණපට්ටිය ඉසිපතන මෙහෙණි ආරාමයේදී මෙහෙණි සස්නට ඇතුළත් කෙරිණි.
මෙම කුල දැරියන් දෙදෙනා සහ උපාසිකාවන් දෙදෙනා මෙහෙණි සස්නට ඇතුළත් වූයේ ඉසිපතන මෙහෙණි ආරාමයන්හි ආරාමාධිපතිණී ශ්‍රාස්ත්‍රවේදී ත්‍රිපිටකාචාර්‍ය සද්ධර්ම විශාරද පූජ්‍ය ඇස්සැද්දුමේ සුදේසිකා භික්ෂුණීන් වහන්සේගේ ශිෂ්‍යාවන් ලෙසය.
මෙසේ මෙහෙණි සස්නට පිවිසියේ කේ.එම් පොඩි මැනිකේ උපාසිකාව පූජ්‍ය අරඹේගම ධම්ම සුමංගලා මෙහෙණින් වහන්සේ ලෙසත්,ආර් .එම් චමිලා ප්‍රියදර්ශණි මහත්මිය පූජ්‍ය ඔක්කම්පිටියේ ධම්ම සුපේෂලා මෙහෙණින් වහන්සේ ලෙසත් ,ආර් . එම් චන්දිමා කුමාරි මෙනවිය පූජ්‍ය වලගෙදර ධම්ම ස්වර්ණමාලී මෙහෙණින් වහන්සේ ලෙසත් වයි. බී එම් වීනීතා පද්මිණි කුමාරි මෙනවිය පූජ්‍ය ගැටියමුල්ලේ ධම්ම සුදම්මචාරි මෙහෙණින් වහන්සේ ලෙසත් මෙහෙණි සස්නට ඇතුළු වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි..