IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අක්කා නගෝ එක්වී කතකට පහර දෙති


 
 
(දයාරත්න ඇඹෝගම)

 
තම සැමියා සමඟ අනියම් සබඳතාවයක් පවත්වන බවට චෝදනා කරමින් අසල්වැසි විවාහක කාන්තාවකගේ මුහුණට මිරිස් කුඩු ගසා පහර දී ඇයගේ වරලස ද කපා රුපියල් ලක්ෂයකට අධික වටිනා රන් මාලය ද සොරා ගත් බව කියන අක්කා නගෝ දෙදෙනෙකුට විරුද්ධව පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි.

මෙම සිද්ධියට ලක්වූ කාන්තාව සහ චෝදනාවට ලක්ව ඇති අක්කා නගෝ දෙදෙනා  විජිතපුර,පලුගස්වැව ගොවිපල ආසන්නයේ පදිංචි අසල්වාසින් බව පොලිසිය පවසයි.

පැමිණිලිකාරිය පසුගියදා සිය දියණිය පාසලට හැරලා මෙම අක්කා නගෝ පදිංචි නිවස ඉදිරියෙන් යමින් සිටියදී ඇය සිය නිවසට කැදවා ගෙන විත් මෙම පහරදීම සිදුකර ඇතැයි ඇය විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.

තම සැමියා සමග පවත්වන හාදකම නවතන ලෙස පවසමින් මෙම අක්කා තමන්ට පහර දුන් බවත් පසුව අක්කා නගෝ දෙදෙනා සමඟ එක්ව තමන්ගේ වරලස කපා දමා මුහුණට මිරිස් කුඩු ගසා හොද හැටි පහර දුන් බවද මෙම පැමිණිලිකාරිය කියා සිටී.

මෙම පැමිණිල්ල අනුව අක්කා නගෝ දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි. 



අදහස් (0)

අක්කා නගෝ එක්වී කතකට පහර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site