(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (18) පස්වරුවේ තද වැසි පතිත විය.
අද පස්වරු 3.15 සිට පස්වරු 3.45 දක්වා බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත විය.
කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නගර සීමාවේ ස්ථාන කිහිපයකට වර්ෂාවත් සමඟ අයිස් වැසි පතිත වූ බව ප්‍රදේශවාසීහූ පවසති.
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණය හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම පහළ බැස තිබිණි. ප්‍රදේශය පුරා ජල මුලාශ සිදි යාම නිසා උග්‍ර පානිය ජල ගැටළුවක් ද මතු වි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd