IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බලන්ගොඩ නාය අවදානමක් හේතුවෙන් පවුල් 13ක් ඉවත් කරති

(සම්පත් ප්‍රියනන්දන)

 
බලන්ගොඩ  ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාසයට  අයත්   පෙට්ටිගල  ග්‍රාම  සේවා වසමේ  යද්දෙහිකන්දෙහි කොටසක අද (19) නායයාමේ  අවදානමක් පවතින  බැවින්  ඊට  පහළින්  ජීවත්වන  පවුල්  13ක  සාමාජිකයන්  යද්දෙහිකන්ද  විහාරස්ථානට සහ නිල  නිවාසයකට අද තාවකාලිකව  ඉවත් කළ බව බලන්ගොඩ  ප්‍රාදේශීය  ලේකම්  හේමන්ත  බණ්ඩාර  මහතා  පවසයි.

බලන්ගොඩ  ප්‍රදේශයට  ඇදහැලුණු  ධාරානිපාත  වර්ෂාවත්   සමඟ  මෙම  නායයාමේ  අවදානම  ඇතිවී  තිබෙන  බව  ඒ  මහතා   සඳහන්  කළේය. මෙලෙස ඉවත් කර ඇත්තේ  අපර් බලන්ගොඩ  වතුයායේ  පදිංචි  වතු  කම්කරු  පවුල් 13 කට අයත්  සාමාජිකයන්  බව හෙතෙම  කීය.

 
යද්දෙහිකන්ද  විහාරස්ථානයේ  සහ ඒ අසල ඇති නිල නිවසකට  ඉවත්කළ  ජනතව සඳහා  අවශ්‍ය   වියළි ආහාර , ජලය  සහ අනිකුත්  පහසුකම්   ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලය  හරහා  ලබාදීමට ද  ආපදා සහන සේවා  නිලධාරි  උපුල්  අනුරසිරි  මහතාට සහ නිලධාරීන්ට උපදෙස්  දී ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයා කීය.

 



අදහස් (0)

බලන්ගොඩ නාය අවදානමක් හේතුවෙන් පවුල් 13ක් ඉවත් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site