IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රිය අනතුරින් තරුණියක් මරුට

(තුසිත කුමාර ද සිල්වා)

කළුවාමෝදර කාලවිල මාර්ගයේ කාලවිල සුසාන භූමිය ආසන්නයේ අනතුරුදායක වංගුවකදී අද (17) ත්‍රීරෝද රථයක් කැන්ටර් රථයක එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තරුණියක් මියගොස් ත්‍රීරෝද රිය පැදවූ  ඇයගේ  25 හැවිරිදි සොයුරා බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි අලුත්ගම පොලීසිය කියයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මතුගම බෝපිටිය ශ්‍රී සෝමානන්ද මාවතේ  පදිංචිව සිටි මාලවන විතානගේ ලලනි කෞශල්‍යා (27) නැමැති කළුතර තිස්ස මහා විදුහලේ ප්‍රාථමික අංශ ගුරුවරියක් බව පොලීසිය සඳහන් කරයි.

සිය සොයුරා සමඟ අලුත්ගම ප්‍රදේශයේ ආගමික කටයුත්තකට පැමිණ ආපසු නිවෙසට යමින් සිටියදී අද(17) දහවල් මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය කියයි. 

කාලවිල දෙසින් පැමිණි කැන්ටර් රථයක පාදගොඩ දෙසින් ගමන් කරමින් සිටි ත්‍රී රෝද රථය එම කැන්ටර් රථයේ ගැටී පෙරළී ඇති අතර ත්‍රිරෝද රථයට බරපතල හානි සිදුවී තිබෙන බව පොලීසිය තවදුරටත් සඳහන් කරයි.

අනතුරට පත් කැන්ටර් රථයේ රියදුරා අලුත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ත්‍රීරෝද රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇත්දැයි  පොලිස් පරීක්ෂණ සිදුකරයි.

 



අදහස් (0)

රිය අනතුරින් තරුණියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site