(හැටන් රංජිත් රාජපක්ෂ)
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විශ්‍රාමික යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත් වි ඇත්තේ මහනුවර දවුලුගල හම්බැක්ක ප්‍රදේශයේ පදිංචි ඩි.එම්. මුතුබණ්ඩා නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.
ජිවිතක්ෂයට පත් යුද හමුදා සෙබලා ඔහුගේ පවුලේ සමාජිකයන් සමග ඊයේ (15) ශ්‍රී පාද වන්දනාවේ පැමිණ නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා ගමන් කරන අතරතුර ඉඳිකටු පහන ප්‍රදේශයේදි අද (16) අලුයම 1.00 ට පමණ හදිසියේ රොගාතුර වි ඇති අතර පසුව රෝගාතුර වූ සෙබලාව පවුලේ සමාජිකයන් සහ ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් එක්ව නල්ලතන්නිය වෙත ඔසවාගෙන විත් මස්කෙලිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය සඳහන් කරයි.
මියගිය යුද හමුදා සෙබලාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මස්කෙලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd