IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපිරිසිදු වෙළෙඳසැල්වලට නඩු

(රංජිත් රාජපක්ෂ   )  
                 
බගවන්තලාව නගරයේ පිහිටි ආපන ශාලා , තොග සිල්ලර වෙළදසැල්, සහ බේකරි  රැසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අද (17) හදිසි පරික්ෂාවය ලක්  කරනු ලැබුහ.
 
 එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සහ සෞඛ්‍ය සම්පන්න  ආහාර පාන ලබාදිමේ අරමුණින් හැටන් ,බගවන්තලාව , මස්කෙලිය ,කොටගල , තලවකැලේ ලිදුල නගර සභාව, ගිනිගත්හේන , කොත්මලේ ,යන   මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යයාලවලට අයත් මහජන පරික්ෂකවරුන්  මෙම හදිසි පරික්ෂාව සිදු  කළහ.
 
 මෙම හදිසි පරික්ෂාවේදි අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය ආපනශාලා හිමියන් සහ සිල්ලර වෙළදසැල් රැසක් නිතියේ රැහැනට කොටුකරගත් අතර ඔහුන්ට එරෙහිව ආහාර පනත යටතේ නෛතික පියවර ගන්නා බව වැටලිමට සහභාගි වු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සඳහන් කළහ.
 
 අඩුපාඩුකම් රැසක් සහිතව ආපන ශාලා සහ සිල්ලර වෙළදසැල් පවත්වාගෙන ගිය ආපන ශාලා හිමියන් සහ වෙළදසැල් හිමියන්ට  එම අඩුපාඩුකම් සපුරා ගැනිම සදහා දින 14 කාලයක් ලබාදුන් අතර එම කාලය තුලදි හදුනාගත් අඩුපාඩුකම් සපුරා යලිත් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ට පෙන්විය යුතුය.
එසේ නොකරන ආපන ශාලා හිමියන් සහ වෙලදසැල් හිමියන්ට  එරෙහිව නෛතික පියවර ගන්නා බව  ඔවුහු සඳහන් කළහ.



අදහස් (0)

අපිරිසිදු වෙළෙඳසැල්වලට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site