(ඔගස්ටින් ප්‍රනාන්දු)
ලක්ෂ 48 ක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 400 ක් යතුරු පැදියකින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු හාල්දඩුන දී අද (15) හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කිරිමැටියාන හාල්දඩුවන ප්‍රදේශයට අලෙවි කිරීම පිණිස මත්කුඩු ගෙන එන අයෙකු සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව මිගමුව දෙස සිට පැමිණි යතුරු පැදියක් පරීක්ෂා කළ අවස්ථාවේ දී සැකකරු මත්කුඩු සමඟ අත්අඩංගුවට තිබේ.
සැකකරු වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මීගමුව බන්ධනාගාරය හරහා ක්‍රියාත්මක වන මත්කුඩු බෙදා හරින ජාලය සමඟ හවුල්ව මෙම මත්කුඩු ලබා ගෙන ඇති බව පොලිසිය කියයි.
ඡායාරූප - රවී ලියනගේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd