(පාලිත ආරියවංශ)
බදුල්ල කහටරුප්ප ඌරුමීතැන්න ගම්මානයේදී සතුන් දඬයම් කරන ස්ථානයක් වටලා එම ස්ථානයේ උගුලකට හසුකර මරා දැමීමමට සිටි කැබැල්ලෑවෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට බදුල්ල පොලිසියේ නිලධාරීන් සමත් වී තිබේ.
එම ස්ථානයේ තිබී වියලන ලද දඩමස් කිලෝ 10 ක්, වන සතුන්ට කෑම ලබාදී ඝාතනය කිරීම සඳහා යොදගන්නා හක්කපටස් 25ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය .
වනසතුන් දඩයම් කිරීමට බදින තුවක්කුවක බටයක්ද පොලිස් බාරයට ගත් බවත් වැටලීම සිදුවන අවස්ථාවේ සැකකරුවෙකු පළාගිය බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ පාපතරයන්ට උපරිම දඬුවම් දිය යුතුයි .
මේ සත් ක්‍රියාව සිදුකල අපගේ පොලීසියට අපගේ ප්‍රණාමය. සත්ව කරුණාවෙන් යුතු මෙවන් පොලිස් නිලධාරීන් දැකීමත් සතුටක්. මෙම අහිංසක සතාගේ බයාදු මුහුණ දකිනා පරිසර හිතකාමී කවරෙකුගේ හෝ සිත උණු වෙනවා ඇත. පරිසර හිතකාමී පොලිස් නිලධාරීන්ට යහපතක්ම සිදුවේවා !!! මෙවන් පුවත් පළකරනා ලංකාදීපයටත්, පාලිත ආරියවංශ මහතාටත් අපගේ ප්‍රණාමය.