(ඩී ජි සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
තලංගල්ල , මල්ගල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් හෑරිමට සුදානම්වූ හිමිනමක් සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය
පවසයි.
නිදන් හෑරිම සදහා යොදා ගත්උපකරන සහ පූජා භාණ්ඩද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙම හිමිනම පානදුර ප්‍රදේශයේ පිරිවෙනක ඉගෙනුම ලබමින් සිටින බවද අනිත් සැකකරුවන් දෙදෙනාද පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිස් පරික්ෂණවලදී අනාවරනයවී ඇත. සැකකරුවන් අවුරුදු 25 සහ 21 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් ය.
සැකකරුවන් අද (15) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd