මහින්ද තැන් තැන්වල රස්තියාදු කරන්න එපා
ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් ස්වාධීන වුවහොත් ඔවුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය මෙන්ම මන්ත්‍රීධූරය ද අහිමි විය හැකි බවත්, කතානායකතුමාගේ තීන්දුව අනුව පාර්ලිමේන්තුවේ පක්ෂ 6ක් මිස ස්වාධීන කණ්ඩායම් පිළිගෙන නැති නිසා ඔවුන්ට ස්වාධීන වී විපක්ෂ නායකකම ගැනීමට නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඊයේ (16) පැවසීය.