නාලක සංජීව දහනායක
නිතර යුද ගැටුම් පවතින සිරියාවේ පළාත් සභා මැතිවරණ පැවැත්වෙද්දී කිසිඳු ගැටුමක් නැති අපේ රටේ පළාත් සභා මැතිවරණ දින නියමක් නැතිව කල්දමන බව ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා අද (20) පැවැසීය.
එබැවින් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වා ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්‍ෂිත කරන ලෙස ආණ්ඩුවට බලකරන බවද ඔහු කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
උතුරු මැද හා සබරගමු පළාත් සභා දෙකෙහි නිල කාලය අවසන්ව මේ වනවිට හරියටම වසරක් සම්පූර්ණ වෙනවා. ඒ අතරදි තවත් දින කිහිපයකින් උතුරු පළාත් සභාවේ නිලකාලය අවසන් වීමට නියමිතව තිබෙනවා. පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම හරහා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතල ලෙස උල්ලංඝණය වෙනවා. මැතිවරණ කල්දැමීම පිටුපස ජනාධිපති,අගමැති, මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තුවත් නොදන්නා කිසියම් අදිසි හස්තයක් ක‍්‍රියාත්මක් වෙනවා. මේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඇල්මැරුණ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවා.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘අපේ රටේ පළාත් සභා මැතිවරණ දින නියමක් නැතිව කල්දමනවා’