ජාතික ජන බලවේගය රජයේ තුන් වැනි අයවැය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මේ අයවැය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සමග කළ සාකච්ඡාවකි
ප්රශ්නය-
අයවැය ගැන ඔබේ අදහස? 
පිළිතුර- ඇත්ත වශයෙන්ම මම බලාපොරොත්තු වුණා මොකක් හරි ‘‘“තීම්” එකක් ගොඩනගයි කියලා තීම් එකක් ගොඩනගලා ඔය පරිවර්තනය කරන්නෙ කොහොමද හා ඒ තුළ සාමාන්‍ය ජනතාවට සෙත සැලසෙන්නේ කොහොමද? කියලා ලස්සනට ඒක කියන්න ජනාධිපතිතුමාට පුළුවන් කියලා.
ප්රශ්නය-
ඔබ එහෙම දෙයක් දැක්කේ නෑ?
පිළිතුර- ඔව්! මම එහෙම දෙයක් දැක්කේ නෑ. ජනාධිපතිවරයා කිව්වා තමයි ස්ථාවරභාවයේ ඉඳලා පරිවර්තනයක් කරනවා කියලා. නමුත් ඒකට අදාළ ගමන් මාර්ගය හරියට ආවේ නෑ. ජනාධිපතිතුමා ඒක ගැන හරියට හිතලා නෑ කියලයි මට පේන්නේ. හැම දෙනාටම පොඩ්ඩක් පොඩ්ඩක් දීගෙන ගියා ඇරෙන්න එහෙම වැඩපිළිවෙළක් මම දැක්කෙ නෑ.
ප්රශ්නය-
ඔබ කියලා තිබුණ අය වැය කතාව අහගෙන හිටියට අපට තෑගි දෙන්න ඕනෑ කියලා..?
පිළිතුර- මං හිතන්නේ පැය පහක් තිස්සේ අයවැය කතාවක් කරන්න ඕන නෑ. මේකේ තියෙන තාක්ෂණික දේවල් ඇත්ත වශයෙන්ම තාක්ෂණ කාරණ මත ඉදිරිපත් කරන්න පුළුවන්. වැට් එකෙ කෑලි කොහොමද බෙදෙන්නේ කියලා ජනාධිපතිවරයෙක් කියන්න ඕනෑ දෙයක් නෙවෙයි. ඒ වෙනුවට ජනාධිපතිතුමාගෙන් අපි බලාපොරොත්තු වුණේ.. ඔව් බජට් එකට කියන්නේ 2027 අවුරුද්දට කරන වැඩවලට එහා ගිය ප්‍රතිපත්තිමය කාරණාවක්නේ. කොහොමද අපි 2031 වෙනකම් මධ්‍යකාලීන රාජ්‍ය ප්‍රතිපත්තිය, ණය ගැන කතා කරනකොට ඒ කාලය වෙනකම් කොහොමද ඒ ක්‍රමවේදය සකස් කරන්නේ.? මම හිතුවා මේ ගැන සරලව මිනිසුන්ට අවශ්‍ය කාරණ විතරක් කතා කළානම් හොඳයි කියලා.
ප්රශ්නය-
අනුර කුමාර ජනාධිපතිවරයා බාර ගත්තේ ආර්ථිකය බිඳ වැටුණු රටක් බවයි ආණ්ඩුව කියන්නේ. ඒ පසුබිම තුළ මීට වඩා දෙයක් කරන්නත් බෑ නේද?
පිළිතුර- ඒක මම පිළිගන්නේ නෑ. හරිම අසාධාරණයි ඒ කතාව. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට ස්ථාවර කිරීම ගැන මොවුන් කිසිම පිළිගැනීමක් ගරුත්වයක් දෙන්නේ නෑ. ඒක සදාචාරාත්මක නෑ. මොකද 2022 සිට 2024 කාලය තුළ තමයි ආර්ථික ස්ථාවරත්වය ගෙනාවෙ. එ්ක ගණන්වලින් කියනවනම් සියයට 70ක් තිබිච්ච උද්ධමනය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනුර කුමාර ජනාධිපතිතුමාට බාර දෙනකොට ඍණ අගයක තිබුණේ. අද වෙද්දි ඒක සියයට 8යි. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අද පල්ලම් බැහැලා කියලා 370ට ගිය රුපියල් රනිල් වික්‍රමසිංහ බාර දෙනකොට 292යි. අද 335යි. ආර්ථික ස්ථාවරත්වය මනින ක්‍රමයක් තමයි ඒක. දැඩි නීති ගෙනල්ලා රාජ්‍ය මූල්‍ය විනය ඇති කරලා බදු වැඩි කරලා ආර්ථික ස්ථාවරත්වය ගෙනල්ලයි තිබුණෙ. මේ ගොල්ලෝ අයි.එම්.එෆ්. වැඩපිළිවෙළ ඇතුළේ හිටපු නිසා තමයි මේ ස්ථාවරත්වය ඇති වුණේ. එතකොට කිසිම විදියකට මේ අයට අයි.එම්.එෆ්. වැඩ පිළිවෙලින් එළියට යන්න බෑ. එළියට ගියානම් ණය ප්රතිව්යහගතකරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි මේ ගොල්ලෝ මේක ඇතුළේ හිටියේ.
ඒ නිසාය 2022 යි. 2026යි සංසන්දනය කිරීම සදාචාරාත්මක නෑ. පාර්ලිමේන්තුවේදි මම අහගෙන හිටියා. අගමැතිතුමිය කියනවා රාජ්‍ය භාණ්ඩාගාරයේ ලොකු පාඩුවක් තිබුණා කියලා. 2025 දී ඒක නැති වුණා කියලා ඒකට හේතුව තමයි 2023-2024 ගෙනාපු නීති ඒ තමයි පෙට්‍රෝලියම් එකට පිරිවැයට සාපේක්ෂව මිල නියම කරන්න ඕන. විදුලි බල මණ්ඩලයට පිරිවැයට සාපේක්ෂව මිල නියම කරන්න ඕනෑ. එහෙම කළාම අර පාඩුව නැතිවෙලා ගියා. මේගොල්ලෝ ලොකු කතාවක් මවන්න හදනවා. කඩා වැටිච්ච රටේ තෙල්- ගෑස් නැති රටේ නායකත්වය තමයි මේ ගොල්ලේ බාර ගත්තේ කියලා නමුත් එම කතාව සත්‍ය නොවෙයි.
ප්රශ්නය-
රජයේ සේවකයන්ට සහන සෑහෙන ප්‍රමාණයක් ලබාදීලා තියෙනවා. ඇයි ඔබ ඒ ගැන කතා නොකරන්නේ.?
පිළිතුර- මම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයෙන් ඇහුවා මොකද ලක්ෂ 16ක් විතර ඉන්නවනේ. එතකොට ඒ අය කිව්වා ‘මේ වැඩිවීම වෙලා තියෙන්නේ තුන් හාර සීයකට විතරයි කියලා. මම ඒ ගැන තව දුරටත් හොයලා බලන්න ඕනෑ. යම් යම් දීමනා වැඩි කළා. ඒක අත්‍යවශ්‍යයි. හරි ? උද්ධමනයත් එක්ක එහෙම ලබා නොදුන්නානම් මම හිතන්නේ අතිශය අසාධාරණයි. බදු ගහලා මුදල් එකතු කරගත්තානම් ඒ මුදල් සාධාරණ ක්‍රමයක් නැවත ජනතාවට ලබාදෙන්න ඕනෑ. ඒ නිසා යම් සහනයක් දීම ගැන අපි සතුටු වෙනවා. හැබැයි රාජ්‍ය සේවයේ පහළ මට්ටමේ ඉන්න බොහෝ දෙනා විශ්වාස කළා ඔවුන්ට යම් සහනයක් ලැබෙයි කියලා. නමුත් එහෙම ලැබුණේ නෑ. පඩි වැඩි කිරිමේ තුන් වැනි අදියර ගිය ආණ්ඩුව විසින් නිර්මාණය කරලා 2025 ජනවාරියේ ඉදලා දීපු දෙයක්නෙ. ඔය හුලංගමුවලා හිටපු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කමිටුවෙන්නේ ඕක කළේ. එහෙම නැතිව මේ ආණ්ඩුවෙන් මොනවද කළේ?
ප්රශ්නය-
විශ්‍රාමිකයන්ට රුපියල් 2500ක දීමනාවක් යෝජනා කරලා තියෙනවා ඒක ඔවුන්ට ලොකු දෙයක්?
පිළිතුර- 2020 දී මේකේ විෂමතාව වෙනස් කළාම 2020 දී මේකේ විෂමතාව වෙනස් කළාට 2020 ත් පස්සේ විශ්‍රාම ගිය අයට ඒ විෂමතාව වෙනස් කරලා නෑනේ. පළමුව විශ්‍රාම වැටුප් විෂමතාව වෙනස් කළ යුතුයිනේ. එහෙම නොකර තාවකාලික දීමනාවක් දීලා තියෙන්නේ. විශ්‍රාමිකයන්ට කිව්වේ 65ට වැඩිනම් තමන්ගේ බැංකු තැන්පතුවට සාමාන්‍ය පොලියට වඩා සියයට 5ක පොලියක් දෙනවා කියලා. නමුත් ඒක දුන්නේ නෑ. ඒක නොදුන්නා පමණක් නොවෙයි ඔවුන්ගේ විශ්‍රාම වැටුප 2020 සිට 2025 දක්වා සංශෝධනය කරන්නේ නැතිව නිකම් රුපියල් 2500ක් දීලා. ඇත්තෙන්ම විශ්‍රාමිකයන්ට ගරු නොකරමින් තමයි මේ බජට් එක හදල තියෙන්නේ.
ප්රශ්නය-
උපයනවිට බදු සීමාව 1,50,000 සිට 162,5000 ඉහළ දාලා තියෙනවා?
පිළිතුර- මෙහෙමයි මම ඕක ගැන දෙවිදියකට බලනවා. අපි කියනවා මේ එක් ලක්ෂ පනස් දාහ අපි වැඩි කරන්න ඕනෑ මොකද මේක කළේ මීට අවුරුදු දෙකකට කලින්. එතකොට මේ අවුරුද්දේ උද්ධමනය සියයට 8යි. ගිය අවුරුද්දේ මට හරියටම මතක නැහැ. අපි හිතමු සියයට 10යි කියලා. එතකොට එක් ලක්ෂ හැට පන්දහ කියන්නේ සියයට 10ක් උද්ධමනය තිබුණානම් මේ අවුරුදු දෙකේම එක් ලක්ෂ පනස්දාහම තමයි එක් ලක්ෂ හැට පන්දාහ කියන්නේ හරිනේ. එතකොට කිසිම වෙනසක් නෑ. මේක කරන්න තිබුණේ මේක ‘ඉන්ඩෙක්ස් කරන්න ඕනෑ. ඒ කියන්නේ උද්ධමනයට සාපේක්ෂව මේක ගළපන්න ඕනෑ හැම අවුරුද්දකම ඇවිත් ජනාධිපතිතුමා ‘‘මෙන්න මේක වෙනස් කරනවා කියලා කියනවා. එහෙම නොවෙයි. අනිත් එක මම විශ්වාස කරන්නේ නෑ බදු නොගෙවා ඉන්නවාට වඩා හොඳයි ඉතාමත්ම සුළු බදු ප්‍රමාණයක් අය කරන එක. මේ අය උපයන විට බද්ද සියයට 6 සිට සියයට 18 දක්වා වැඩි කළා. ඒක ඉතාමත්ම අසාධාරණ බදු වැඩිවීමක්. ඒ වෙනුවට අපි සජබ හැටියට කියන්නේ සියයට 1ක බද්දක් ගහන්න ඕනෑ කියලා. එතකොට මිනිසුන්ට බදු ගෙවන එක මහා ප්‍රශ්නයක් නොවෙයි. හැමෝම වගේ බදු ගෙවයි. සාධාරණ බදු ක්‍රමයකින් ඔය එකතු කරන බදු ප්‍රමාණය මහා ප්‍රමාණයකින් අඩු නොකර එකතු කරගන්න හැකියාව තිබුණා.
මම දකින්නේ ඔව් මේක යම්කිසි සහනයක් බව ඇත්ත. හැබැයි උපයනවිට බදු ගෙවීම පමණක් නොවෙයි හැම බද්දක්ම වදින්නේ මේ ප්‍රතිශතයට අනුව. තව දුරටත් මේක මෘදු කරන්න හැකියාව තිබුණා. ඉදිරියටත් තියෙනවා. තව එකක් බොහෝ දෙනා ප්‍රතිකාර ගන්න පෞද්ගලික රෝහලකට ගියාට බදු වදිනවා. එතකොට හුඟක් දෙනෙකුට රක්ෂණයක් නෑ. හැබැයි බොහෝ රටවල අපේ රටෙත් ඉස්සර තිබුණ. අපි හිතමු අපි මෙඩිකල් ඉන්ෂුවරන්ස් එකක් ගත්තා කියලා. ඒ ඉන්ෂුවර් එක ගත්තොතින් ඒ වියදම බදු ගෙවන ආදායමෙන් අඩුකර ගන්න පුළුවන්. අපිට ‘ක්ලේම් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි හිතමු අපි බොහොම අමාරුවක් ගෙයක් හදනවා. ඒකට අපි ණයක් ගන්නවා. ණයක් ගත්තාම පොලියක් ගෙවනවා. ඒ පොළිය බදු ගෙවන ආදායමෙන් අයින් කිරීමේ හැකියාව අපේ රටේ ඉස්සර තිබුණා. බොහෝ රටවලවල අදත් තියෙනවා. නමුත් අපේ රටෙ ඒක අයින් කළා. මේ වගේ දේවල් හරහා අපේ රටේ මිනිස්සු වෙන රටවල්වලට යන්නේ මේ වගේ ධනාත්මකව කරන්න පුළුවන් දේවල් නොකරන නිසා.
ජනාධිපතිතුමාට අවස්ථාව තිබ්බා මේවා ගේන්න. නමුත් ගෙනාවේ නෑ. ඒ නිසා මේ අයවැයෙන් කිසිම දෙයක් වෙලා නෑ. තෘප්තිමත් වෙන්න අමාරුයි. නරකමයි කියලා කියන්නේ නෑ. නමුත් මීට වඩා දෙයක් කරන්න තිබුණා.
ප්රශ්නය-
මුදල් ඇමති හැටියට අයවැයක් ඉදිරිපත් කරන්න ඔබට තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙයිද?
පිළිතුර- (මහ හඩින් සිනාසෙයි) ඒක ජනතාවට තීරණය කරන්න තියෙන දෙයක්. ඒක මට තීරණය කරන්න බෑනේ. මම දේශපාලනයට ඇවිත් ඉන්නේ රට වෙනුවෙන් වැඩ කරන්න. මම විපක්ෂයේ හිටියත් මුදල් කමිටුවේ සභාපති හැටියට මම විශ්වාස කරනවා ජනතාව මට දුන්න ඡන්දයට ගෞරවයක් හැටියට ඉතාම ඕනෑකමින් වැඩ කරනවා කියලා. මම කිසිම විදියක ප්‍රතිලාභයක් නැතිව ස්වේච්චාවෙන් උදේ රෑ නොබලා මම කරනවා. ජනතාව දන්නවා. ඒ නිසා ඇමතිකමක් ඕනෑම නෑ යමක් කරන්න. මගේ කාර්යභාරය හදවතට එකඟව ජනතාව වෙනුවෙන් කරනවා.
- ප්‍රසන්න සංජීව තෙන්නකෝන් (IJ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd