විනීතා එම් ගමගේ
රටේ ඉහළ තනතුරු දරණ පුද්ගලයන් විහිළු සපයන්නන් බවට පත්වීමෙන් රටේ ගෞරවයටත් ජනතාවගේ ගෞරවයටත් හානි සිදුවන්නේ යැයි ශ‍්‍රී ලංකා ජාතික භික්ෂු පෙරමුණේ කැඳවුම්කරු වටිනාපහ සෝමානන්ද හිමියෝ පැවැසූහ.
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමකට ආරාධනා ලැබ ගිය පොලිස්පතිවරයාගේ හැසිරීම ඉතා පහත් තත්ත්වයේ බවත් මෙයින් ඉදිරියට හෝ එවැනි හැසිරීම් නවතා රාජකාරියේ ගෞරවය රකින පරිදි කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම කියා සිටියේය.
සෝමානන්ද හිමියෝ මේ අදහස් පළ කළේ නෙළුම් පෙදෙස පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කියා සිටියහ.
‘‘වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයා කලාපය ගැන කණගාටුවක් තියෙන්නේ. මහා සංඝරත්නය ආණ්ඩුවේ කටයුතු නිසා පීඩාවට පත්වෙලා ඉන්නවා. මේ වනවිට ස්වාමින්වහන්සේලා 48 නමක් සිරගත කරගෙන සිටිනවා. විහාරස්ථාන පවත්වා ගෙන යාමට නොහැකි තත්ත්වයට පත්වෙලා.
මේ රටේ භික්ෂුන් වහන්සේ හෝ වේවා ගුරුවරුන් හෝ වේවා කවර වෘත්තිකයන් හෝ වේවා ඒ අයගේ වෘත්තිය ගෞරවය රැකගෙන ක‍්‍රියාකිරීම ඉතා වැදගත් වෙනවා. ඒ ඒ තනතුරු වල ගෞරවය රැකෙන පරිදි සියලූ දෙනා කි‍්‍රයා කළ යුතුයි.
ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීමකට පොලිස්පතිවරයා ගෙන්වලා තියෙන්නේ. එහි දී එම උත්සවයේ ගෞරවය අභිමානය රකින්න කටයුතු කරන එක පොලිස්පතිගේ වගකීමයි. අර ශිෂ්‍ය නායක දරුවන්ගේ මනසට පොලිස්පතිගේ කථාවෙන් යන්නාවු අදහස කුමක් ද කියා අපි අහන්න කැමතියි.
විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා වේවා අනෙක් පුද්ගලයන් වේවා මේ අය පොලිස්පතිතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දී මෙවැනි ක‍්‍රියා නොකරයි කියා. වැදගත් විදියට හැසිරෙන්න කියා අපි පොලිස්පතිගෙන් ඉල්ලා සිටිනවා.’’ යැයි ද උන්වහන්සේ පැවසූහ.
බණ්ඩාරගම වික‍්‍රමශිලා පරිවේණාධිපති බණ්ඩාරගම චන්ද්‍රරතන හිමියන්, අකුරැස්සේ අරියසාගර හිමියන් සහ කන්දයායේ දේවානන්ද හිමියන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
707
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘රටේ ඉහළ තනතුරු දරන්නන් විහිළු සපයන්නන් බවට පත්වෙලා’