හර්ෂණ තුෂාර සිල්වා
පක්ෂයට ලෙන්ගතු වෙමින් වගකීම් ඉටු කිරීම සංවිධායක ධූරය අහෝසි වීමට හේතුවක් නම් අවසානයේ කියන්නට ඇත්තේ ස්තූතියි යන්න පමණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ලංකාදීපයට අද (21) පැවැසීය.
පක්ෂය සහ ජනතාව සමීප කරවීමට තමන් ඇතුළු පිරිස උත්සාහ කළ බව කී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පක්ෂය තමන් ඇතුළු කණ්ඩායම ඉටු කරන ලද වගකීම් නොසලකා හැර ඇතැයි ද කීවේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සංවිධායක ධූරවලින් ඉවත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ ද කීය.
“පක්ෂයට ලෙන්ගතුව වැඩ කරන අයට ලැබෙන්නේ සංවිධායක ධූරය අහෝසි කිරීම නම් අවසානයේ කියන්නට ඇත්තේ ස්තූති කියලා විතරයි. මා ඇතුළු කණ්ඩායම පක්ෂය සහ ජනතාව සමීප කරවීමට උත්සාහ කළා.
අපි අපේ වගකීම් ඉටු කළා. අපි කරන ලද කැප කිරීම් නොතකා, නොසලකා හැරලා. අපට කියන්න තියෙන්නේ හොඳයි කියලා විතරයි. මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා.
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණේ අවුරුදු 19 දී. අවුරුදු 35ක් පක්ෂය සමඟ හිටියා. මට සංවිධායකකම දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. අපි පක්ෂය කිව්ව හැමදෙයක්ම කළා. පක්ෂය වෙනුවෙන් අපේ වගකීම් ඉටු කළා.
සංවිධායකකම ඉවත් කරන්න පක්ෂය තීන්දු කරනවා නම් අපට කියන්න දෙයක් නැහැ. කරන්න දේකුත් නැහැ. කොහොම වුණත් වාමාංශික අදහස් තියෙන උදවිය විදියට අපි දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නැහැ.
සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ටී.බී. ඒකනායක ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සංවිධායකකම්වලින් ඉවත් කරලා. එසේ කිරීමෙන් පක්ෂයට අනාගතයක් නැහැ. පක්ෂය වේගයෙන් දුර්වල වීගෙන යනවා. අපිට ඒ ගැන කණගාටුයි”.
2025 ඔක්තෝබර් මස 08
1486
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1325
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉවත් කළාට ස්තූතියි - අනුර ප්‍රියදර්ශන
rohan perera Saturday, 22 September 2018 05:21 AM
ශ්‍රීලනිපේ මහින්ද මහත්තයා සහ චන්ද්‍රිකා නෝනා කාපු තරම තමයි යාපාලාගෙන් ඔය කියැවෙන්නේ... අහිංසක අනුරව පන්නලා පක්ෂෙට කරපු විනයේ තරමක්..
Chandra Monday, 24 September 2018 01:06 AM
රටේ සහ මහජනතාවගේ කාලය නාස්ති නොකර දැන්වත් අයින් වෙලා ඉන්න මහජන මුදල් නාස්ති නොකර .
rohana Monday, 24 September 2018 01:45 AM
අයින් කළා කියන්නේ ඔබ තුමාල ගියා නේද පා.ම. මහින්ද ලඟට.