IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තරුණයන්ට දේශපාලනය කරන්න වයස්ගත මන්ත්‍රීවරු දේශපාලනයෙන් සමුගත යුතුයි

(හසිත රංග ගුණතිලක)

තරුණයන්ට දේශපාලනය කිරීමට අවස්ථාව දිය යුතු නම් සුසිල් ප්‍රේමජයන්ත වැනි වයස්ගත මන්ත්‍රීවරු දේශපාලනයෙන් සමුගත යුතු බව වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (19) කොළඹදී පැවැසීය.

පක්ෂ මහලේකම් ධූරයේ තමා සිටි කාලය තුළ ශ්‍රීලංකා නිදහස් පක්ෂය දරුණු ලෙස පරාජයට පත්වීම කණගාටුදායක තත්ත්වයක් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් දිසානායක මහතා මේ බව පැවැසීය.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

     ‘‘සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමයි මායි 2000 වර්ෂයේදී එකට පාර්ලිමේන්තුවට පිවිසුනා. දෙදෙනාගේම පාර්ලිමේන්තු දිවියට වසර 18යි.හැබැයි එතුමා මට වඩා වයසින් වැඩියි.

අපේ තාත්තටත් වඩා ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා වයස වැඩියි.සංධානයේ මහ ලේකම් ධූරය නැති වීමත් සමඟ එතුමා ගොඩක් දුක්වුණා.ශ්‍රීලංකා නිදහස් පක්ෂය මැතිවරණ 2ක් 3ක් පරදිනකොට පක්ෂයේ ජාතික සංවිධායක ධූරය එතුමා හෙබවුවා.ඒ කියන්නේ පක්ෂයේ පරාජයට එතුමා වගකිව යුතුයි.

ජාතික ආණ්ඩුව තුළ ඇමැති ධූර දරමින් සියලු වරප්‍රසාද බුක්ති විදපු ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවෙන් පිටතට ඇවිල්ලා ඉතාම පහත් ලෙස ආණ්ඩුව විවේචනය කරනවා.

එතුමා කරන සියලු ප්‍රකාශ වෛරයෙන් කරන ප්‍රකාශ.රටේ සියලු ජනතාව දන්නවා එතුමගේ ප්‍රකාශ වල ගතයුතු හරය.එතුමාගේ ක්‍රෝධය අවසන් වනතුරු අපි බලන් ඉන්නවා.මගේ තාත්තටත් වඩා ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා වයසින් වැඩි නිසා පක්ෂයේ දෙවැනි පරම්පරාව ශක්තිමත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.‘‘



අදහස් (1)

තරුණයන්ට දේශපාලනය කරන්න වයස්ගත මන්ත්‍රීවරු දේශපාලනයෙන් සමුගත යුතුයි

Saththaya Thursday, 20 September 2018 05:39 AM

එහෙම වෙන්නම ඕනේ නැහැ , වයස් ගත වෙනකල් රටට සේවයක් නොකර, මුදලට, දුෂණයට සහ භීෂණයට තමන්ගේ වාසිය තකා කට පියාගෙන හිටපු සහ අනෙකුත් විදියට ඒවාට උපකාර කරපු වයස්ගත දේශපාලකයන් ( සමාජ සේවයක් නොකරපු )තවමත් හැමදාම බොරුවෙන් ඔවුන් දේශපාලනයෙන් සමුගත යුතුයි.

:       0       523

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17795 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site