(ජයන්ත සමරකෝන්)
ආණ්ඩුවෙන් ඉවත් වූ තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ පිරිසකගේ ආසන සංවිධායක ධූර අහිමිකිරීම පුදුමයට කරුණක් මෙන් ම ප්‍රශ්නයක් නොවන බව ද රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ සමඟම ආණ්ඩුව හා තවදුරටත් එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 23දෙනා ආණ්ඩුවෙන් ඉවතට පැමිණෙන තාක් ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහභාගී නොවන බව ද මන්ත්‍රීවරයා කීය.
අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගනු ලැබූ තීරණය පිළිබඳව කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ මහත්තයෝ දැන් මොකද වුනේ අල්ලපු අත්තත් නැහැ පයගහපු අත්තත් නැහැ නේද? ඔබතුමාම නේද දැනට අවුරුදු 3-4 ට කලින් කිව්වේ නාමල් බේබි අපිට කතා කරන්නේ සවුත්තු විදියට උඹ බං බොලන් කියලා කියලා දැන් මොකද දැන් එහෙම නැද්ද?
මෙයා නම් කරපු දෙයකුත් නැත.
අනේ හොදයි වාසනාවයි රටට. මෙච්චර කල් සංවිධානය කරපු දෙයක් නැහැනේ. මහජනතාව හාමතේ. රටට තිබුණු ආදරේ තරම...