IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ආණ්ඩුවේ ගජ මිතුරන්ට විතරයි‘

(නාලක සංජීව දහනායක)


එන්ටප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යවසායකයින්ට ණය දෙන මුවාවෙන් තම ගජමිතුරන්ට මහා පරිමාණයෙන් ණය දීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා අද (11) පැවසීය.


මේ තත්ත්වය දිගටම පැවතුණහොත් රාජ්‍ය බැංකු පද්දතිය කඩාවැටීමේ අවධානමක් මතුව තිබෙන බවද ඔහු කීය.

මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.   


‘රටේ ආර්ථිකය 15% වර්ධනය කළ බව අගමැතිතුමා කියනවා. පසුගිය රජය සමයේදී ආර්ථික වර්ධන වේගය සියයට හයක අගයක් ගත්තා. ඒ වේගය අද සියයට තුනකටත් වඩා පහළ අගයකට කඩා වැටිලා. 


ඒ නිසා අගමැතිවරයාගේ මේ කතා අහනකොට අපිට හිනා යනවා. මේ අතරදි රජය මහජන මුදල් අවභාවිතා කරමින් එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ණය ලබාදෙන බවට දැන්වීම් පළකරනවා. ආර්ථික අර්බුධය නිසා අද බොහෝ දෙනෙක්ට ණය ගෙවාගන්න බැරුව ඉන්නවා. 


ණය ගෙවාගන්න බැරුව බොහො දෙනෙක් සියදිවි නසා ගන්නවා. ඒ නිසා අලූතින් ණය දෙන්න කලින් පරණ ණය කපාහරින ලෙස අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. අලූතින් ණය දෙන මුවාවෙන් තම ගජමිතුරන්ට ණය ලබාදෙන්න ආණ්ඩුව උත්සාහ ගන්නවා. මේ හේතුවෙන් රාජ්‍ය බැංකු කඩාගෙන වැටීමේ අවධානමක් තිබෙනවා යැයිද කීය.


ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාඝ්‍රම විහාරයේදී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘ එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන ආණ්ඩුවේ ගජ මිතුරන්ට විතරයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site