IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘එතෙක් මෙතෙක් බිහිවු දැවැන්ත මිනිස් පවුර කොළඹ ඉදිවෙනවා’


 
 
නාලක සංජීව දහනායක

රට පාලන කළ ඕනෑම ආණ්ඩුවකට එරෙහිව එතෙක් මෙතෙක් ඉදිවූ දැවැන්තම මිනිස් පවුර අද කොළඹ නගරයේදී ඉදිවන බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (04) පැවසීය.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් සාමාන්‍ය ජනතාවට යම්  අපහසුතාවයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් තම කනගාටුව පළකරන බවද මන්ත්‍රීවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය.
 
‘1505 වසරේදී පෘතුගීසින් මෙරටට පැමිණි දින සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වා ගතවූ අවුරුදු 513 ක ඉතිහාසය තුළ අපේ රටේ නොයෙක් ආකාරයේ උද්ඝෝෂණ ඇති වුණා. නමුත් අපේ රටේ තිබූ ඕනෑම ආණ්ඩුවකට එරෙහිව කොළඹ නගරයේ ඉදිවන දැවැන්තම මිනිස් පවුර හෙට (5) අගනුවරදී ඉදිවෙනවා. මේ මිනිස් පවුර රට සුරකින මිනිස් පවුරයි. 


අපි සියලුම දෙනා මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුය යන මතය දරනවා. ඒ සම්බන්ධයෙන් අපි අතර කිසිම මතභේදයක් නැහැ. ඒ නිසා  නිදහස් රටක්, නිදහස් ආර්ථිකයක් අපේක්‍ෂා කරන සියලුම දෙනා පක්‍ෂ භේදයෙන් තොරව මෙයට සහභාගි වෙනවා. මේ උද්ඝෝෂණය නිසා පුරවැසියන්ට යම් අපහසුතාවයක් සිදුවෙනවා නම් ඔවුන්ට අපි අපේ කනගාටුව පළ කරනවා.’

ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ දී අද (4) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (1)

‘එතෙක් මෙතෙක් බිහිවු දැවැන්ත මිනිස් පවුර කොළඹ ඉදිවෙනවා’

Saththaya Wednesday, 05 September 2018 07:42 AM

ඒ කියන්නේ තාමත් යහමින් මුදල් ගැවසෙනවා. හිගයක් ඇති වෙන්නෙම නැහැ. ඊට ඉස්සෙල්ල ආණ්ඩුව පෙරලන්නයි වෑයම.

:       8       553

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site