IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඉදිරි ජනපතිවරණයේ දී රාජපක්ෂ කිසිදු අයෙක් එජාපයට අභියෝගයක් වෙන්නේ නෑ

(නිමල කොඩිතුවක්කු) 

 

ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ හෝ රාජපක්ෂ නොවන කිසිඳු අයකු එක්සත් ජාතික පක්ෂයට කිසිම අභියෝගයක් නොවන බව එම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී අද (17) පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට වාසිදායකම මැතිවරණය ජනාධිපතිවරණය බවත් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් රටේ නායකයා බිහිකිරීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපති ජේ. ආර්.  ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (17) පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී මහලේකම්වරයා  මේ බව පැවසීය.

2020 මැතිවරණ ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය  සංවිධාන ගත වෙමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් වන තීන්දු තීරණ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව ඉදිරියේදී තීරණය කරන බවත් ඔහු කියා සිටියේය.

 

 

 



අදහස් (5)

ඉදිරි ජනපතිවරණයේ දී රාජපක්ෂ කිසිදු අයෙක් එජාපයට අභියෝගයක් වෙන්නේ නෑ

Raveendra Monday, 17 September 2018 05:50 PM

බලයේ ඉන්නකොට හැමදෙනෙක්ම ඔය කතාවමයි කිව්වේ. ඉතින් අපි මැරිලා ඉපදුනේ නැහැ නොවැ.......

:       0       68

Senarath Tuesday, 18 September 2018 09:01 AM

ඡන්දෙකට එන්නකෝ අපි ඡන්දදායකයාගේ තරම පෙන්වන්න.

:       0       30

Adam Tuesday, 18 September 2018 11:06 AM

මෙයාගේ මොලේ කොහොමත් ටිකක් කචල්...... දවල් හීනයක්ද දැන් නැහැ..... බඩුමිල ඒවගේම බදු ගහන විදියට අඩු නැතිව ඡන්දෙ ලැබේවි

:       0       42

Sanath Kandy Wednesday, 19 September 2018 03:45 AM

එහෙම වෙන්න තිබුණා ආණ්ඩුව පිහිටවපු ගමන් පරණ හොරු ටික අල්ලලා ඇතුලට දාලා ජනතා අපේක්ෂාවන් අනුව වැඩ කළානම්. දැන් ඉතින් පරක්කු වැඩියි. එජාපයේ නොහැකියාව ජනතාව තේරුම් අරන් ඉන්නේ. ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්ට අභියෝග කළ හැකි කිසිම නායකයෙක් එජාපයේ නෑ. රට වෙනුවෙන් කළ හැකි හොඳම දේ රාජපක්ෂවරුන්ට අභියෝග කළ හැකි පොදු අපේක්ෂකයෙකුට සහයෝගය දීම.

:       0       68

ravi Wednesday, 19 September 2018 10:46 AM

ශ්‍රී ලංකාව විකුණගෙන කාලා.. ඒ මුදල් වලින් "ඇමෙරිකාවේ පුරවැසිභාවය" ලබාගත්ත මෙවැනි අයට නැවතත්.. මේ රටේ ජනාධිපතිලා වෙයි කියන එක" මිථ්‍යාවක් " පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1325 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site