(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ හෝ රාජපක්ෂ නොවන කිසිඳු අයකු එක්සත් ජාතික පක්ෂයට කිසිම අභියෝගයක් නොවන බව එම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී අද (17) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට වාසිදායකම මැතිවරණය ජනාධිපතිවරණය බවත් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් රටේ නායකයා බිහිකිරීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (17) පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී මහලේකම්වරයා මේ බව පැවසීය.
2020 මැතිවරණ ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන ගත වෙමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් වන තීන්දු තීරණ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව ඉදිරියේදී තීරණය කරන බවත් ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයේ ඉන්නකොට හැමදෙනෙක්ම ඔය කතාවමයි කිව්වේ. ඉතින් අපි මැරිලා ඉපදුනේ නැහැ නොවැ.......
ඡන්දෙකට එන්නකෝ අපි ඡන්දදායකයාගේ තරම පෙන්වන්න.
මෙයාගේ මොලේ කොහොමත් ටිකක් කචල්...... දවල් හීනයක්ද දැන් නැහැ..... බඩුමිල ඒවගේම බදු ගහන විදියට අඩු නැතිව ඡන්දෙ ලැබේවි
එහෙම වෙන්න තිබුණා ආණ්ඩුව පිහිටවපු ගමන් පරණ හොරු ටික අල්ලලා ඇතුලට දාලා ජනතා අපේක්ෂාවන් අනුව වැඩ කළානම්. දැන් ඉතින් පරක්කු වැඩියි. එජාපයේ නොහැකියාව ජනතාව තේරුම් අරන් ඉන්නේ. ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්ට අභියෝග කළ හැකි කිසිම නායකයෙක් එජාපයේ නෑ. රට වෙනුවෙන් කළ හැකි හොඳම දේ රාජපක්ෂවරුන්ට අභියෝග කළ හැකි පොදු අපේක්ෂකයෙකුට සහයෝගය දීම.
ශ්‍රී ලංකාව විකුණගෙන කාලා.. ඒ මුදල් වලින් "ඇමෙරිකාවේ පුරවැසිභාවය" ලබාගත්ත මෙවැනි අයට නැවතත්.. මේ රටේ ජනාධිපතිලා වෙයි කියන එක" මිථ්‍යාවක් " පමණයි.