(චමිල් රුපසිංහ)
නායකයාට වඩා ඉහළින් පක්ෂයේ අනිකුත් අය වැඩ කටයුතු කරන්නට යෑමෙන් පක්ෂය පිරිහෙන බවත් වත්මන් ආණ්ඩුවේ ද එවැනි අය සිටින නිසා රජය පිරිහෙමින් පවතින බව ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පවසති.
පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා නම් ඊට ඉහළින් තවත් කෙනෙකු කටයුතු කරන්නට යන අය පෙනෙන්නට ඇති බවත් එවැනි අඩුපාඩු හදාගෙන රටේ ජනතාවට යහපතක් වන සේ ඔබලාගේ පක්ෂයේ ද අඩුපාඩු නිවැරදිව සකසා ගත යුතු බව නාහිමියන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට පැවැසුහ.
ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් මෙසේ පැවැසුයේ ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අද (31) ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේ දීය.
එහිදී ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ මෙසේ පැවැසුහ.
දැන් මුළු රටම භෝඨාභය ඕනෑ කියල කියනවා. ඒකට විරුද්ධව තව දෙන්නෙක් කතා කරනවා. එතකොට මහජනතාව හිතන්නේ. මේ අයගේ කිසි සංවිධානයක් නෑ. සමගියක් නෑ කියල ඒ නිසා මේ අයට ඡන්දය දෙන්න හොද නෑ කියල ජනතාව හිතනවා. එතකොට ජනතාව මොකා ආවත් කමක් නෑ කියල කාට හරි ඡන්දය දෙනවා. අපිට අවශ්‍ය දේශපාලන පක්ෂ නෙමේ අපිට අවශ්‍ය රටයි රටේ ජනතාවයි ජනතාව නැත්තම් රටක් නෑ. රටේ ජනතාවට යහපතක් වෙන රජයක් තමා දැන් ජනතාවගේ කැමැත්ත ඒ නිසා තමන්ගේ පක්ෂයේ අඩුපාඩු සාදා ගැනීමට එක් නායකයකු වටා එක්විය යුතු බවද නාහිමියෝ මන්ත්‍රිවරුන් හමුවේ පැවසුහ.
මේ අවස්ථාව සඳහා ගැටබේ රාඡෝපවනාරාම විහාරවාසී ශාස්ත්‍රාචාර්‍ය ගල්කැටිවෙල රතනවංස හිමියන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය ආර්.ඩබ්ලිව්.රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන දිලුම් අමුණුගම, කණක හේරත්, තාරක බාලසූරිය, අධ්‍යාපනවේදී ඩබ්ලිව් රත්නායක යන මහත්වරු සහභාගී වුහ.



2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘නායකයාට වඩා ඉහළින් කටයුතු කිරිමේ දී පක්ෂය පිරිහෙනවා’
Polle Gunawansa Saturday, 01 September 2018 03:31 AM
ඔබ වහන්සේ ඉතින් හැමදාම කළේ මහරජාණන්ට කඩේ වඩින එකනේ!!