(රන්න චන්ද්‍රසේන ගමගේ)
හැත්තෑ වසරක දේශපාලන ඉතිහාසය තුළ මේ රට විවිධ දේශපාලන පක්ෂ විසින් පාලනය කළා.නමුත් අපේ රට පාලනය කළ කිසිම නායකයෙකුට රටට හිතකර දේශපාලන පරිසරයක් මේ රට තුළ නිර්මාණය කිරීමට නොහැකි වීම පිලිබදව මා තුළ තිබෙන්නේ මහත් කළකිරීමක් බව කෘෂිකර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා අද (22) සවස බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති දේශපාලන හමුවකදී පැවසීය.
එහිදී අමාත්‍යවරයා ‘‘අද මේ රටට අවශ්‍ය තමන් ගැන නොහිතන රට ගැන හිතන උගත් පරපුරක්. මේ රටේ පාර්ලිමේන්තුව පුරවන්න ඕන එහෙම මිනිසුන්ගෙන්. අද මේ රටට සිදු වෙලා තියෙන්නේ කුමක්ද ? මේ රටේ කාන්තාවන් විදේශගත වෙලා බැල මෙහෙවර කම් කරල එවන ඩොලර් ටිකෙන් යැපෙන ජාතියක් බවට අද මේ රට පත් කරල තියෙනවා. මේ රටේ මොනවද වගා කරන්න බැරි ? නමුත් මේ රටට මොනවද නොගෙනෙන්නෙ? සියළු දේම ගෙන්වනවා. කුඹුරු ටික කපා පෑගෙන කොට පිටරටින් හාල් ගේනවා. ලූණු ටික ගලවන කොට පිටරටින් ලූණු ටික ගේනවා. ඉතින් මේ රටේ ගොවියා රැකෙයිද?මින් පසු අස්වැන්න නෙළන කාල සීමාවේදී එහ ආහාර ද්‍රව්‍ය මේ රටට ගෙන එන්නට නොහැකි ලෙස ඒවාට අධික බදු ගහනවා. එහෙම නොකර මේ රටේ ගොවියා රකින්න බැරි බව මම මෙහිදී සදහන් කරන්න කැමතියි.‘‘ ලෙසින් සඳහන් කළේය.
මුල්ගිරිගල ආසනයේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස වශයෙන් පත් කරන ලද නීතිඥ උපාලි මෙහොට්ටි මහතා පිළිගැනීම සදහා බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ පැවති උත්සවයේදී ඇමති වරයා එසේ අදහස් දැක් වීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්දා අද ඉපදුනා වගේනේ කතාව අම්මපා....? දැන් ඔය කියන නායකයන් පස්සේ ගොට්ට අල්ලාගෙන ගියේම නැද්ද ??? අහසින් පාත් උනාද ?? අපේ රටේ දේශපාලකයා යනු බොරු මවන්නන් යන්න මෙයද කදිම උදාහරණයකි.
"මේ කිසිම නායකයෙක් රටට හිතකර දේශපාලනයක් ගෙනාවේ නැහැ - ඇමති අමරවීර" එහනම් මොන බම්බුවකටද එවැනි නායකයින් සිටි හා සිටින නායකයින් යටතේ දේශපාලනයට සම්බන්ධ උනේ. බයිලා තමයි
ඔබතුමාගේ කියමන වඩාත්ම අදාළ වෙන්නේ මේ රජයට. මේ රජය තමා රට අස්ථාවර කලේ සෑම අංශයකින්ම. අද ආර්ථික වශයෙන්, කාර්මිකවශයෙන්, අනෙකුත් නිෂ්පාදන වලින්, රට පස්සට ගිහින්. කොටින්ම කියනවනම් අපේ රටේ ඉතිහාසේ පළමු වරට පොල් පිටරටින් ගෙනාවා. ඒ විතරක්ද අද කිසිම දේක ස්ථාවර බවක් නැහැ. රුපියල දවස ගානේ පහළට යනවා, හැමතැන වැඩ වර්ජන, පාතාලයට ඕනේ විදියට මිනිස්සු මරනවා. රටේ රජයක්තියෙනවද කියල හිතන්නවත් බැහැ. මෙහෙම කියලාද 2015 දි රට බාරගත්තේ.....