ආනන්ද සංගරිගෙන් තමිල් අරසු කච්චි පක්ෂයට චෝදනා යුද්ධයෙන් සිදුවූ විනාශයේත් එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඝාතනය වීමේත් සම්පූර්ණ වගකීම ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් බාරගත යුතු බව දෙමළ විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරි මහතා සඳහන් කළේය. 24 July 2018
ආණ්ඩුව ආර්ථිකය ඇතුළු සියලු දේ පෙරළා දමා දැන් ගමත් පෙරළන්න “ගම්පෙරළිය”ක් අරඹලා “මේ අවුරුදු තුනහමාරක කාලයක් තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. කරගෙන ආ සංවර්ධනය ඇනහිටි බව ඔබ දන්නවා. මේ හේතුකොටගෙන ඔබ පළාත්වල පවා ගම්බද ජනතාවට කොපමණ දුකක් විඳින්නට සිදුවී තිබෙනවාද? කියලා. මේ අවුරුදු තුනේදී ආර්ථිකය පෙරළලා දැම්මා. සංවර්ධනය පෙරළලා දැම්මා. 24 July 2018
ජනතාව නොමඟ යැවීමට ඒකාබද්ධය උත්සාහ ගන්නවා - මලික් සමරවික්‍රම සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලයකදී ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජන ලැබුණු බවට තමන් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය විකෘති කරමින් ජනතාව නොමඟ යැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා උත්සාහ ගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි. 23 July 2018
මැති ඇමැතින්ටත් නීතිය එකසේ - ඇමැති චම්පික මැති ඇමතිවරුන්ට පවා ඍජුව හා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීම මෙම වත්මන් ආණ්ඩුවේ විශේෂත්වය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 22 July 2018
සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමෙරිකා ඩොලර් මිලියන 16 ක ආයෝජනයක් සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා රටට ඇමෙරිකා ඩොලර් බිලියන 16 ආයෝජන ලැබී ඇතැයි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සතිය ඇතුළත පිළිගතහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 22 July 2018
පළාත් සභා මැතිවරණය ජනවාරි 5 දාත් පුළුවන් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය පිළිබඳව ලබන ඔක්තෝබර් අවසන් වීමට පෙර තීරණයකට පැමිණිය හොත් ලබන වසරේ ජනවාරි (5) වැනි දා එම මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම් සභාවේ සහ සීමානීර්ණ කොමිසම් සභාවේ සභාපති දෙපල පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (20) පැවති පක්ෂ නායක රැස්වීමේ දී පැවසූහ. 20 July 2018
’ඌව මහඇමැතිගේ ප්‍රකාශය හෙළා දකිනවා’ ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තමන්ට ‘ලෙඩ දාන විට’ ‘රැකියා දෙක තුනක් දීලා ලක්ෂ 10 - 20 ක කොන්ත්‍රාත්තුවක් දීලා ෂේප් කරගන්නවා’ යැයි ඌව පළාත් මහ ඇමැතිවරයා ප්‍රසිද්ධ රැස්වීමකදී කර ඇති ප්‍රකාශය තමන් තරයේ හෙළා දකින බවත් ඌව පළාත් සභා මන්ත්‍රී චමින්ද තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය. 20 July 2018
’ආණ්ඩුවෙන් ඉවත් වු 16 අරමුණ තනතුරු දරණ අය ආණ්ඩුවෙන් එළියට ගැනීමයි’ ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමeතිවරු 16 දෙනාගේ ඒකායන අරමුණ තවමත් ආණ්ඩුවේ තනතුරු දරණ පිරිස ද ආණ්ඩුවෙන් එළියට ගැනීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 20 July 2018
‘රටේ දේපොළ සංවර්ධනය කරනවා වෙනුවට වෙනත් රටවල ආරක්ෂාව සඳහා යොදාගන්නවා‘ රටේ දේපල සංවර්ධනය සඳහා හෝ ආයෝජනයක් ලෙස දෙනවාට වඩා එක එක රටවල ආරක්ෂාවට යොදවා ගන්නා බව මත්තල ගුවන්තොටුපල සම්බන්ධ සිද්ධියෙන් පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 20 July 2018
‘මහින්ද කාලේ මුදල් දුන් චයිනාහාබර් සමාගමට වත්මන් රජයත් ව්‍යාපෘති දෙනවා’ පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාට මුදල් දුන් බවට චෝදනා එල්ලවන චයිනාහාබර් සමාගමට වත්මන් රජය ද සංවර්ධන ව්‍යාපෘති ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (20) පැවසීය. 20 July 2018
‘ඇමැති ෆොන්සේකා මාධ්‍යවේදීන්ට තර්ජනය සුළුවෙන් තැකිය නොහැකියි’ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලංකාදීප හා නෙත් නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (19) පැවසීය. 19 July 2018
දැන් වෙනස පැහැදිලියි - එරාන් මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරික්ෂණය කිරිමට යාමේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එල්ල වු මැර ප්‍රහාරය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ නිරික්ෂණ චාරිකාවේදී එල්ල නොවීමෙන්ම රටේ 19 July 2018
සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කරලා සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවැසීය. 19 July 2018
සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමෙන් රටට කිසිම නපුරක් වන්නේ නැතැයි ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග ඇමැති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවැසීය. 18 July 2018
'ඉන්දීය චිත්‍රපට බලා උන්මාද වු තරුණයන් ආවා කල්ලිය ලෙස හැසිරෙනවා' දකුණු ඉන්දීය චිත්‍රපටි බලා ඒවායින් උන්මාදයට පත්වු උතුරේ තරුණයන් පිරිසක් ආවා කල්ලිය ලෙස හැසිරෙන නමුත් ඔවුන් ත්‍රස්තවාදී කල්ලියක් නොවේ යැයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 July 2018
බන්ධනාගාරය කොමසාරිස් ඉල්ලා අස්විය යුතුයි - ලාල් කාන්ත රැඳවියන් බන්ධනාගාරය තුළ සිට කුඩු ජාවාරමේ නිරත වන්නේනම් බන්ධනාගාර කොමසාරිස්වරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය. 16 July 2018
ඒකාබද්ධයේ ක්‍රියාකලාපය ගැන හිටපු ඇමැති කණගාටුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක්‍රියා සහ ප්‍රකාශ නිසා තමන් බලවත්සේ කණගාටුවට පත්ව ඇතැයිද මෙම තත්ත්වය ජය ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතා අද (16) පැවසීය. 16 July 2018
‘අපිට නඩු දැම්මාට අපි කාටත් වෛර කරන්න නෑ’ අපිට නඩු දැම්මට අපි කාටවත් වෛර කරන්නෙත් නැහැ. ඒත් ඒවා අමතක කරන්නෙත් නැහැ. අපට බොරු චෝදනා එල්ලපු කරපු, අපිට නඩු දාපු අය ගැන ජනතාව ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා අනුරාධපුරයේ දී පැවසීය. 16 July 2018
‘නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නෑ’ වර්තමානයේ අප රට පත්වී ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නොමැතිකම නිසා යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 16 July 2018
‘අද රටේ පන්සල් වැසී යන තත්ත්වයට පත්වෙලා‘ දවස ගානේ පන්සල් වැසි යන තත්වයට අද රට පත්ව ඇති බවත් විහාරස්ථාන වසා දමන වැඩපිලිවෙළට අමතරව පුරාවස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළකුත් ඉතාම සීඝ්රයෙන් රටපුරා සිදුවීගෙන යන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදි පැවසිය. 15 July 2018
මම හැම වෙලාවෙම බැලුවේ මහ පක්ෂ දෙක එකට තියාගෙන ජනතාවට සේවය කිරීමයි ‘දේශපාලනය යනු කෙසේ හෝ බලය ගැනීම වුවද තමා වැඩි අවධානය යොමු කළේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජනතාවට වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳව’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බිබිලදී පැවසීය. 13 July 2018
‘ලංකාවට හිට්ලර්ලා අවශ්‍ය නෑ‘ - අගරදගුරු ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අවශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ. 12 July 2018
අර්ජුන අයියට වෙච්ච ඇබැද්දිය ප්‍රසන්න මල්ලි කියයි මුදල් අමාත්‍යංශය හිටි හැටියේ ඉන්ධන මිල වැඩිකිරීම නිසා විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට ජනතාවට මුහුණ දිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව එකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය. 12 July 2018
‘ලීක්වාන් යූ වැනි නායකයෙකු ලංකාවට අවශ්‍යයයි‘-රංගේ බණ්ඩාර අපේ රටට අවශ්‍ය වන්නේ තවත් හිට්ලර් කෙනෙත්වත්, ප්රභාකරන් කෙනෙක්වත්,මුසලෝනි කෙනෙක් වත් නොව ලී ක්වාන් යූ වැනි සෘජු තීරණ ගන්නා නායකයෙකු යැයි වාරි මාර්ග,ජල කළමණාකරන හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය. 12 July 2018
‘ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කළාපය රටට විහිළුවක් වෙලා’ තමන්ට එරෙහි නඩු කඩිනමින් විසඳින ලෙසට ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකරන ගෝඨාභය රාජපක්ෂ මහතා එම නඩු අහන්න යනවිට එයට එරෙහිව තහනම් නියෝග ගනිමින් සිටින බවත් එතුමන්ගේ මෙම ක්‍රියා කළාපය රටට 12 July 2018
‘උතුරු නැගෙනහිර ජනතාව රජය ගැන කනස්සල්ලෙන්‘-මනෝ ගනේෂන් ‘රජය උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කර නොමැති බවත් ඉන්දියානු රජය සහ යුද හමුදාව එක්ව නිවස ලබාදුන් බවත් ජාතික ඒකාබද්ධතා සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. 12 July 2018
අපරාධ රැල්ල වැඩිවෙලා - උලපනේ සුමංගල හිමි මෙරට බන්ධනාගාර කුඩු ජාවාරම්කරුවන් හා අපරාධකාරයින් සැළසුම් සකසන ආරක්ෂිත බංකර බවට පත්ව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ. 11 July 2018
2050 වනවිට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න සියල්ල සූදානම් වර්ෂ 2050 වන විට ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යය බවට පත් කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස්කර අවසන් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී පැවැසීය. 11 July 2018
විරුද්ධකාරයන් මොනව කීවත් රට විනාශ වෙලා නෑ දේශපාලන විරුද්ධවාදීන් කුමන විවේචන කළත් වත්මන් රජය යටතේ රටේ කෘෂි ආර්ථිකය, ජාතික ආර්ථිකය හා හෙට දවස වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදුකර ඇති බවත්, දේශපාලනඥයන්ගේ ආරවුල් හා ගැටුම් පමණක් දකින මාධ්‍ය එවැනිදේ විකාශය නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය. 11 July 2018
ප්‍රසන්නගෙන් ආණ්ඩුවට අභියෝගයක් මැතිවරණ වලට බිය නැත්නම් අලූත් හෝ පැරණි මනාප ක්‍රමය හෝ ආණ්ඩුව කැමති ඕනෑම ආකාරයකට මැතිවරණ පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 10 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026