පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වගකීම මැ.කො බාර ගත යුතුයි පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වගකීම සම්පූර්ණයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බාර ගත යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය. 27 July 2018
ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගැසීමේ ඔස්තාර්ලා වෙලා ජාත්‍යන්තරය දිනු ආර්ථීක ඔස්තාර්ලා සිටින බව නියමිත බලයට පත්වු වත්මන් ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගැසීමේ ඔස්තාර්ලා වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. 27 July 2018
‘‘පරිසරය විනාශ කිරීමේ වගකීම අරගෙන ඇත්තේ මෙරට ඇතැම් දේශපාලඥයින්‘‘ - ජනපති ඇතැම් දේශපාලඥයින්ගේ ආශිර්වාදය මැද ගෙවුන වසර 50-60 තුළ මෙරට සිදු කර ඇති බරපත, පරිසරය විනාශය නිසාම තමන් ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු පරිසර අමාත්‍යංශය බාර ගැනීමට හේතු වූ බව ජනාධිපති මෛත්රSපාල සිරිසේන මහතා පැවැසීය. 26 July 2018
අලුත් ව්‍යවස්ථාව කෑවේ මන්ත්‍රී දෙපළක් - ඩිලාන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා සියලු පක්ෂ සහය දුන්නත් කුමන්ත්‍රණ කර අතර මගදී එය විනාශකරමින් කා දැමුවේ ජයම්පති වික්‍රමරත්න සහ සුමන්තිරන් මන්ත්‍රීවරුන් විසින් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ සමාජික ඩිලාන් පෙරේරා මහතා කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. 26 July 2018
ජාතීන් අනෝන්‍ය වශයෙන් යා කරන පාලම භාෂාවයි - අගමැති ප්‍රධාන පක්ෂ දෙකට එකට එකතුවීමට සිදු වුණේ යුද්ධය අවසන් වුවත් රටේ සාමය ඇති නොවුණ නිසා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 26 July 2018
‘රටේ වැදගත් තීන්දු තීරණ ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස ගත නොහැකියි’ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි වැදගත් තීරණ ගැනීමේදී ජාත්‍යන්තරයට අවශ්‍ය අයුරින් කටයුතු කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 25 July 2018
ගිය ආණ්ඩුවේදී පූස් පැටව් මෙන් සිටි රජයේ වෛද්‍ය සංගමය දැන් සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණ කරනවා‘ මහින්ද පරාජපක්ෂ ආණ්ඩු සමයේ පූස් පැටවු සේ සිටි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රටේ ආර්ථික වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත කුමන්ත්රණයක නිරත වි සිටින බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කොළඹදී අද (24) පැවසීය. 24 July 2018
ආනන්ද සංගරිගෙන් තමිල් අරසු කච්චි පක්ෂයට චෝදනා යුද්ධයෙන් සිදුවූ විනාශයේත් එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් ඝාතනය වීමේත් සම්පූර්ණ වගකීම ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් බාරගත යුතු බව දෙමළ විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරි මහතා සඳහන් කළේය. 24 July 2018
ආණ්ඩුව ආර්ථිකය ඇතුළු සියලු දේ පෙරළා දමා දැන් ගමත් පෙරළන්න “ගම්පෙරළිය”ක් අරඹලා “මේ අවුරුදු තුනහමාරක කාලයක් තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. කරගෙන ආ සංවර්ධනය ඇනහිටි බව ඔබ දන්නවා. මේ හේතුකොටගෙන ඔබ පළාත්වල පවා ගම්බද ජනතාවට කොපමණ දුකක් විඳින්නට සිදුවී තිබෙනවාද? කියලා. මේ අවුරුදු තුනේදී ආර්ථිකය පෙරළලා දැම්මා. සංවර්ධනය පෙරළලා දැම්මා. 24 July 2018
ජනතාව නොමඟ යැවීමට ඒකාබද්ධය උත්සාහ ගන්නවා - මලික් සමරවික්‍රම සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා පසුගිය මාස දෙකහමාරක කාලයකදී ඇමරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජන ලැබුණු බවට තමන් විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය විකෘති කරමින් ජනතාව නොමඟ යැවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා උත්සාහ ගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි. 23 July 2018
මැති ඇමැතින්ටත් නීතිය එකසේ - ඇමැති චම්පික මැති ඇමතිවරුන්ට පවා ඍජුව හා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීම මෙම වත්මන් ආණ්ඩුවේ විශේෂත්වය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 22 July 2018
සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ඇමෙරිකා ඩොලර් මිලියන 16 ක ආයෝජනයක් සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා රටට ඇමෙරිකා ඩොලර් බිලියන 16 ආයෝජන ලැබී ඇතැයි අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කළ ප්‍රකාශය ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සතිය ඇතුළත පිළිගතහොත් තමන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 22 July 2018
පළාත් සභා මැතිවරණය ජනවාරි 5 දාත් පුළුවන් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය පිළිබඳව ලබන ඔක්තෝබර් අවසන් වීමට පෙර තීරණයකට පැමිණිය හොත් ලබන වසරේ ජනවාරි (5) වැනි දා එම මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම් සභාවේ සහ සීමානීර්ණ කොමිසම් සභාවේ සභාපති දෙපල පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (20) පැවති පක්ෂ නායක රැස්වීමේ දී පැවසූහ. 20 July 2018
’ඌව මහඇමැතිගේ ප්‍රකාශය හෙළා දකිනවා’ ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තමන්ට ‘ලෙඩ දාන විට’ ‘රැකියා දෙක තුනක් දීලා ලක්ෂ 10 - 20 ක කොන්ත්‍රාත්තුවක් දීලා ෂේප් කරගන්නවා’ යැයි ඌව පළාත් මහ ඇමැතිවරයා ප්‍රසිද්ධ රැස්වීමකදී කර ඇති ප්‍රකාශය තමන් තරයේ හෙළා දකින බවත් ඌව පළාත් සභා මන්ත්‍රී චමින්ද තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය. 20 July 2018
’ආණ්ඩුවෙන් ඉවත් වු 16 අරමුණ තනතුරු දරණ අය ආණ්ඩුවෙන් එළියට ගැනීමයි’ ආණ්ඩුවෙන් ඉවත් වූ ඇමeතිවරු 16 දෙනාගේ ඒකායන අරමුණ තවමත් ආණ්ඩුවේ තනතුරු දරණ පිරිස ද ආණ්ඩුවෙන් එළියට ගැනීම යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 20 July 2018
‘රටේ දේපොළ සංවර්ධනය කරනවා වෙනුවට වෙනත් රටවල ආරක්ෂාව සඳහා යොදාගන්නවා‘ රටේ දේපල සංවර්ධනය සඳහා හෝ ආයෝජනයක් ලෙස දෙනවාට වඩා එක එක රටවල ආරක්ෂාවට යොදවා ගන්නා බව මත්තල ගුවන්තොටුපල සම්බන්ධ සිද්ධියෙන් පෙනී යන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 20 July 2018
‘මහින්ද කාලේ මුදල් දුන් චයිනාහාබර් සමාගමට වත්මන් රජයත් ව්‍යාපෘති දෙනවා’ පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මහින්ද රාජපක්ෂ මහතාට මුදල් දුන් බවට චෝදනා එල්ලවන චයිනාහාබර් සමාගමට වත්මන් රජය ද සංවර්ධන ව්‍යාපෘති ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (20) පැවසීය. 20 July 2018
‘ඇමැති ෆොන්සේකා මාධ්‍යවේදීන්ට තර්ජනය සුළුවෙන් තැකිය නොහැකියි’ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලංකාදීප හා නෙත් නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (19) පැවසීය. 19 July 2018
දැන් වෙනස පැහැදිලියි - එරාන් මත්තල ගුවන්තොටුපළ සහ හම්බන්තොට වරාය නිරික්ෂණය කිරිමට යාමේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට එල්ල වු මැර ප්‍රහාරය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ නිරික්ෂණ චාරිකාවේදී එල්ල නොවීමෙන්ම රටේ 19 July 2018
සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරිගැන්වීමට රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කරලා සුළු පරිමාණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා රාජ්‍ය බැංකුවල ඇප කොන්දේසි ලිහිල් කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවැසීය. 19 July 2018
සිංගප්පූරු ගිවිසුම නපුරක් වෙන්නේ නෑ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුමෙන් රටට කිසිම නපුරක් වන්නේ නැතැයි ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ග ඇමැති මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවැසීය. 18 July 2018
'ඉන්දීය චිත්‍රපට බලා උන්මාද වු තරුණයන් ආවා කල්ලිය ලෙස හැසිරෙනවා' දකුණු ඉන්දීය චිත්‍රපටි බලා ඒවායින් උන්මාදයට පත්වු උතුරේ තරුණයන් පිරිසක් ආවා කල්ලිය ලෙස හැසිරෙන නමුත් ඔවුන් ත්‍රස්තවාදී කල්ලියක් නොවේ යැයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවසීය. 17 July 2018
බන්ධනාගාරය කොමසාරිස් ඉල්ලා අස්විය යුතුයි - ලාල් කාන්ත රැඳවියන් බන්ධනාගාරය තුළ සිට කුඩු ජාවාරමේ නිරත වන්නේනම් බන්ධනාගාර කොමසාරිස්වරයා ඉල්ලා අස්විය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය. 16 July 2018
ඒකාබද්ධයේ ක්‍රියාකලාපය ගැන හිටපු ඇමැති කණගාටුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් සිදු කරන ක්‍රියා සහ ප්‍රකාශ නිසා තමන් බලවත්සේ කණගාටුවට පත්ව ඇතැයිද මෙම තත්ත්වය ජය ගැනීමට නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනවිරත්න මහතා අද (16) පැවසීය. 16 July 2018
‘අපිට නඩු දැම්මාට අපි කාටත් වෛර කරන්න නෑ’ අපිට නඩු දැම්මට අපි කාටවත් වෛර කරන්නෙත් නැහැ. ඒත් ඒවා අමතක කරන්නෙත් නැහැ. අපට බොරු චෝදනා එල්ලපු කරපු, අපිට නඩු දාපු අය ගැන ජනතාව ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා අනුරාධපුරයේ දී පැවසීය. 16 July 2018
‘නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නෑ’ වර්තමානයේ අප රට පත්වී ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නොමැතිකම නිසා යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 16 July 2018
‘අද රටේ පන්සල් වැසී යන තත්ත්වයට පත්වෙලා‘ දවස ගානේ පන්සල් වැසි යන තත්වයට අද රට පත්ව ඇති බවත් විහාරස්ථාන වසා දමන වැඩපිලිවෙළට අමතරව පුරාවස්තු විනාශ කිරීමේ වැඩපිළිවෙළකුත් ඉතාම සීඝ්රයෙන් රටපුරා සිදුවීගෙන යන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹදි පැවසිය. 15 July 2018
මම හැම වෙලාවෙම බැලුවේ මහ පක්ෂ දෙක එකට තියාගෙන ජනතාවට සේවය කිරීමයි ‘දේශපාලනය යනු කෙසේ හෝ බලය ගැනීම වුවද තමා වැඩි අවධානය යොමු කළේ ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජනතාවට වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳව’ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බිබිලදී පැවසීය. 13 July 2018
‘ලංකාවට හිට්ලර්ලා අවශ්‍ය නෑ‘ - අගරදගුරු ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අවශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ. 12 July 2018
අර්ජුන අයියට වෙච්ච ඇබැද්දිය ප්‍රසන්න මල්ලි කියයි මුදල් අමාත්‍යංශය හිටි හැටියේ ඉන්ධන මිල වැඩිකිරීම නිසා විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට ජනතාවට මුහුණ දිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව එකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය. 12 July 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026