(නාලක සංජීව දහනායක)
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා රටට ඇමෙරිකා ඩොලර් බිලියන 16 ආයෝජන ලැබී ඇතැයි අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා කළ ප‍්‍රකාශය ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සතිය ඇතුළත පිළිගතහොත් තමන් මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාගේ අමාත්‍යංශයේ කාර්යාල කාර්ය සහයක තනතුර හෝ වෙනත් තනතුරක් ලබාගෙන මෙම මුදල ලැබුණ අකාරය පිළිබඳව අධ්‍යයනය කරන බවද ඔහු කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරාඝ්‍රමයේදී අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලොකු දෙයක් ඉල්ලා අස්වෙනවා නම්.., මොකද මෙච්චර වයසට යනකල් කළේ සමාජ සේවයක් නෙමේ දූෂණයට, භීෂණයට උල්පන්දම් දීමයි. ඒ කියන්නේ මේ විදියට ඒවාට කතා කරන්න තිබුනනේ අවංකනම්... අද මහජනතාවට ණය ගෙවන්න වෙන්නේ නැහැනේ..
පරස්පර ප්‍රකාශ බොහොමයි. ගෙවුණු වසර පහ ඇතුළත. අපේ රටේ කොයි දේශපාලකයා විශ්වාස කරන්නද?
නිතරම මිලියන හා බිලියන අනාගන්නවා වාගේම නිතර වරද්දනවා...