IMG-LOGO

මැති ඇමැතින්ටත් නීතිය එකසේ - ඇමැති චම්පික

ඩයනා උදයංගනී
 
 මැති ඇමතිවරුන්ට පවා ඍජුව හා දැඩිව නීතිය කි‍්‍රයාත්මක කිරීම මෙම වත්මන් ආණ්ඩුවේ විශේෂත්වය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වත්මන් රජයේ මැති ඇමතිවරුන්ගේ කිසිම සම්බන්ධයක් හෙළිවී නැතැයි කී අමාත්‍යවරයා එවන් සම්බන්ධයක් ඇතැයි ඔප්පු කර පෙන්වුවහොත් ඒ සඳහා ඍජුව කි‍්‍රයාත්මක වීමට රජය බැඳී සිටින බවද ස`දහන් කළේය.
 
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පැවසුවේ එම අමාත්‍යාංශය යටතේ කතරගම ප‍්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් විවෘත කිරීමේ සහ වැඩ ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවන් කිහිපයක් සඳහා අද (22) සහභාගී වෙමිනි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
 
‘‘අපරාධ සහ මත්ද්‍රව්‍ය වැඩිවෙලාය කියන චෝදනා සංඛ්‍යා ලේඛන සමග ගත්විට එය සත්‍යයක් නොවෙයි. මෙරට වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදු වී තිබෙන්නේ 2013 වසරේ එනම් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ කාලයේයි. එය සංඛ්‍යාත්මක වශයෙන් 55,000 ක්. 2017 වර්ෂයේ අපරාධ සිදුවී තිබෙන්නේ  30,000 යි. 
 
දැන් මහින්ද රාපක්ෂ මහත්මයගේ කාලයේ වගේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයන් අසු වුණාම ඒ අයව බේරගන්න ගෙදරට ජනාධිපති යන්නෙ නැහැ. ඒ වගේම මහපාරේ වෙඩි තියලා දාන්නේ නැහැ. සුදු වෑන් එවන්නේ නැහැ. ඒ වගේ දේවල් අද සිදුවන්නේ නැහැ. එදත් තිබුණේ මෙහෙමයි. අදත් මෙහෙමයි කියලා නිකන් බොරු චෝදනා කරන්න අවශ්‍ය නැහැ. අද පාතාල ලෝකයට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට රජයේ මැති ඇමතිලාගේ සම්බන්ධයක් ඔප්පු වෙලා නැහැ. පුලූවන්නම් ඔප්පු කරලා පෙන්වන්න ඒ සඳහා රජය ඍජුව කි‍්‍රයාත්මක වෙන්න අපි බැඳී සිටිනවා.‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.



අදහස් (2)

මැති ඇමැතින්ටත් නීතිය එකසේ - ඇමැති චම්පික

gayan Monday, 23 July 2018 12:38 AM

කවද්ද එහෙම කළේ? දැන් එක මහඇමති කෙනෙක් විදුහල්පතිනියක් දණ ගැස්සුවා. මොකද කළේ...? එතකොට ඇමති කෙනෙක් පාතාල ආරක්ෂාව යටතේ ඉන්න තොරතුරු පොලීසියට තියෙනවා කිව්වා. මොකද කළේ. එතකොට තව ඇමතිවරු කීපදෙනෙක්ම මහබැංකු මගඩියට සම්බන්ධයි හා පගාව අරගෙන තියෙනවා කියලා හෙලිවුණා. මොකද කළේ? තවජාති කොච්චර තියෙවද?

:       0       123

K Perera Monday, 23 July 2018 02:11 PM

ඔබේ කතාව සහතික ඇත්ත. උගත් ජනතාවට මෙය තේරෙනව. නමුත් කණගාටුව !!! තවමත් බහුතරයකට අවශ්‍ය පහුගිය රජය වගේ පාලනයක්...

:       87       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 503 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site