IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැවති හා වත්මන් ආණ්ඩු පන්සල් වෙනුවෙන් කළ දෙයක් නෑ

 

 

කුෂාන් ජයවර්ධන

 

පැවැති ආණ්ඩු හෝ වත්මන් ආණ්ඩුව පන්සල් වෙනුවෙන් මෙතෙක් කළ දෙයක් නැතැයි අනුරාධපුර දිස්ත‍්‍රීක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉෂාක් රහුමාන් මහතා කැකිරාවේ පැවැති ප‍්‍රසිද්ධ රැස්වීමකදී හිටපු බුද්ධ ශාසන ඇමැතිවරයකු හා වත්මන් බුද්ධ ශාසන අමාත්‍යවරයා ඉදිරියේ දී පැවැසීය.

 

කැකිරාව බෝධීරාජාරාම විහාරස්ථානයේ දී පැවැති උත්සවයක් අමතමින් ඉෂාක් රහුමාන් මන්ත‍්‍රීවරයා මේ බව පැවැසීය.

 

හිටපු බුද්ධ ශාසන අමාත්‍යවරයකු වන ලාල් ගමගේ මහතා හා වත්මන් බුද්ධ ශාසන ආමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ද අසල සිටියදීම මහ සංඝරත්නය ඉදිරියේ ඉෂාක් රහුමාන් මන්ත‍්‍රීවරයා එම ප‍්‍රකාශය සිදු කිරීම ද විශේෂත්වයකි.

 

එහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉෂාක් රාහුමාන් මහතා මෙසේ ද කීවේය.

 

පැවැති ආණ්ඩු හෝ වත්මන් ආණ්ඩුව පන්සල් වෙනුවෙන් කළ දෙයක් නැහැ. මම මේ රටේ උත්තරීතර තැනට යවන්න පන්සල්වල මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාවත් උදව් උපකාර කළා. මම ඒ අයට ණයයි මැරුණත් ණයයි. මම හරි කණගාටුවෙන් කතා කරන්නේ ඇමැති තුමනි. හිටපු බුද්ධ සාසන ඇමැතිතුමාගෙනුත් ලේකම් තුමාගෙනුත් මම අපේ ප‍්‍රදේශයේ පන්සල් 100කට වැඩි ප‍්‍රමාණයක් වෙනුවෙන් ඉල්ලීම් රැසක් කලා ඒත් ඉටු වුණේ නැහැ.

ඔබ තුමාගෙනුත් මම ඉල්ලීම් කළා ඒත් අද වෙනකම් ලැබුණ දෙයක් නැහැ. කොළඹට නුවරට විතරක් කිරි බෙදන්නේ නැතිව අනුරපුරේ වැනි දුෂ්කර පළාත්වල පන්සල් වලටත් කිරිබෙදන්න කියලා මම බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

 



අදහස් (0)

පැවති හා වත්මන් ආණ්ඩු පන්සල් වෙනුවෙන් කළ දෙයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site