විනීතා එම් ගමගේ
ජීවන වියදම ඉහළ ගොස් ජනතාව දැවෙමින් සිටිද්දී මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකර ගැනීම කිසිසේත් කළ යුතු නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.
විනිසුරුවන්ට වැටුප් වැඩිකිරීමට මුවාවී මෙම වැටුප් වැඩි කර ගැනීම කරන්නට ආණ්ඩුව සුදානම් වන බවත් මුදල් ඇමැති විරුද්ධ වන්නේ වැඩිවන මුදල ගෙවා ගන්නට ක‍්‍රමයක් නොමැති බැවින් බවත් හෙතෙම කියා සිටියේය.
මේ වැටුප් වැඩිකර ගැනීම කළහොත් ජනතාව මැති ඇමැතිවරුන්ගේ මව්පියවරුන් පමණක් නොව ආච්චි සීයාගේ සිට සිහිපත් කරනු ඇතැයි ද දිසානායක මහතා කීය.
මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වුණු ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මාධ්‍ය හමුව අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ එස් බී දිසානායක මහතා මෙසේ ද කීය.
‘‘මේ මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකර ගැනීමට කරන ලද යෝජනාව ප‍්‍රශ්නයක් වෙලා. ජනාධිපති, අගමැති, කථානායක, ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ මන්ත‍්‍රීවරුන්ගේ වැටුප් අගවිනිසුරුගේ සිට පහළට ශ්‍රේණිවල විනිසුරුවන්ගේ වැටුප් තල වලට මදක් ඉහළින් තැබීම අවශ්‍යයි කියන මතයේ සිට වැටුප් වැඩිකර ගැනීමට සැලසුම් සකසමින් සිටිනවා.
එහෙත් මේ වැටුප් වැඩි කර ගන්න වෙලාවක් නොවෙයි. උද්ධමනය ඉහළ යනවා. දේශීය නිෂ්පාදන පහළ වැටෙනවා. මිනිස්සු ජීවන වියදමින් බැට කනවා. මේ වගේ පීඩාවක ඉඳීද්දි වැටුප් වැඩිකර ගැනීම සුදුසු නැහැ.
සල්ලි වුවමනා වෙන තරුණ මන්ත‍්‍රීවරු මේ යෝජනාවට තරයේ විරුද්ධ වෙලා තිබුණා. කාංචන විජේසේකර ෂෙහාන් සේමසිංහ වගේ තරුණ මන්ත‍්‍රීවරුන්ට ඒ ගැන ප‍්‍රසංශා කළ යුතුයි.’’යැයි ද මන්ත‍්‍රීවරවා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි අනිත් කට්ටියවත් කැමති කරගෙන ගිවිසුමක් ගහමු රට වැටිලා තිබෙන තත්වෙන් ගොඩ ගන්නකම් අපිට වැඩි දීමනා සැප පහසු කම් කිසිවක් එපා කියල මහා තැනින් එපා කියනකොට පොඩි එකත් කට වහගෙන වැඩ කරනවා ඔබට නොබෙල් තෑග්ග ලැබෙයි.....