IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හමුදා මූලස්ථානය හෝටලයකට විකුණුවේ හිටපු ජනපතියි - අජිත් මාන්නප්පෙරුම

නිමල කොඩිතුවක්කු
 
ජාත්‍යන්තරය විසින් මිලදී ගනු ලබන මෙරට ජාතික සම්පත් තමන් බලයට පත්වූ පසු යලි ලබා ගන්නා බවට පවසන  මහින්ද රාජපක්ෂ මහතා එදා බලයේ සිටියදී යුද්ධ හමුදා මූලස්ථානය විදේශ රටකට හෝටලයක් සඳහා විකුණූ  බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා කොළඹදී  අද(03) පැවසීය.

 
බලයේ සිටියදි එළෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා අද රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කඳුලූ හෙළන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය  හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
    
 ‘‘ඒකාබද්ධ විපක්ෂය අපේ රජයට එරෙහිව සංවිධානය කළ රැලියේ තේමා පාටය වෙලා තිබුනේ ‘‘රට වනසන රට පාවාදෙන  වැඩබැරි පරගතු ආණ්ඩුව පලවා හරිමු’’ යන්නයි. ඒ අය ඔය කියන  ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව පළවා හැරියා. අපි ඒ අයට කියනවා ආයි ඒ වෙනුවෙන් පෙළගැහෙන්න දෙයක් නැහැ අපි ඒක පලවා හැරලා ඉවරයි.
 
මේ අය අද අපිට වැඩ බෑ කියනවා. අපිට  මෙයලා කරපු සමහර වැඩ බෑ තමයි. අපේ  නායකයන්ගේ දරුවො ගිහින්  දළදා මාලිගාව ඉස්සරහා කාර් රේස් පැද්දේ නැහැ. අපි බන්ධනාගාරයට පැනලා හිර කාරයෝ මැරුවේ නැහැ.  අපිට විරුද්දව ලියනවා කියලා අපි මාධ්‍ය වේදින්ව මැරුවේ නැහැ. මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ නැහැ. සුදු වෑන් දාලා විරුද්ධ වාදින් ඉස්සුවේ නැහැ. වතුර ඉල්ලපු මිනිස්සුන්ට අපි වෙඩි තිබ්බේ නැහැ. අපිට ඒවා බැහැ තමයි. අපි ඒ අතින් අසමත් තමයි කියලා ඒ අයට කියනවා.
 
අපි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයට කියනවා රාජපක්ෂලාත් එක්ක තියෙන ගිවිසුම වහාම රටට හෙලි කරන්න කියලා. මහින්ද රාජපක්ෂලා කලින් දවසේ උද්ඝෝෂණ විරෝධතා  සිදුකරනවා. පහුවදා වෛද්‍ය සංගමය වැඩ වර්ජනයක් කරනවා. මේ අය අද මැච් එක ගහන්නේ කතා කරගෙනයි.‘‘

 

ඡායාරූප  - චතුර එස් .කොඩිකාර 



අදහස් (5)

හමුදා මූලස්ථානය හෝටලයකට විකුණුවේ හිටපු ජනපතියි - අජිත් මාන්නප්පෙරුම

kumar (Gulf) Saturday, 04 August 2018 04:52 AM

අන්න ඇත්ත, ගහපු කොමිෂන් ගැනත් කියන්න.

:       32       10

kalani Saturday, 04 August 2018 12:13 PM

ඔය කතාව බොහොම පැරණි එකක්. අපිට අහලම එපා වෙලා.

:       5       21

Bamunuarachchi Sunday, 05 August 2018 08:54 AM

ඔතැනට හමුදා මූලස්ථානය ගෙනාවේ සුද්දා... ඒ දෙවන ලෝක යුද්දෙ කාලයේ. ඒ කාලේ තිබුණු අවශ්‍යතාවය දැන් ලෝකේ කොහේවත් රටේ අගනුවර යුදහමුදා මූලස්ථාන තියාගන්නේ නැත. තිබෙන්නේ සාප්පු සංකීර්ණ හෝ සංචාරක හෝටල්. ඉතින් ලෝකප්‍රකට හෝටලයක් ඉදිකිරීමේ වැරැද්ද මොකක්ද හලෝ... ඉන්න හොඳ හෝටල් තිබුණොත් සංචාරකයෝ ඒවි රටට අදායමක් ඒවි. හමුදා මූලස්ථානය තිබුණාට ලැබෙන දෙයක් නැහැ හලෝ...

:       27       45

මිලනො Monday, 06 August 2018 05:44 AM

හොටලයක් හදපු එක හොදයි කියමුකො එත් ඉඩම සින්නක්කර ලියලා දුන්නු එක ගැනත් හොදයි කියන්නකො.....

:       0       12

Bamunuarachchi Monday, 06 August 2018 05:20 PM

හෝටලය හදපු එක හොඳයි නම් තව මොනවද කතා. ඔබ හිතනවාද ලෝකේ ඉන්න මිනිසුන්ට ඩොලර් මිලියන ගණන් අපේරටට ගෙනත් නිකන් වියදම් කරයි කියලා. ඉඩම සින්නක්කර දුන්නොත් අපි හෝටලය හදන්නම් නැතිනම් නිකන් ඉන්නවා. ඔය කොන්දේසි වලට ආයෝජකයෝ මෙරටට එන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site