බිඟුන් මේනක ගමගේ
ජනාධිපතිවරයා මේ වනවිට උත්සවවලට රැගෙන යන සැරසිල්ලක් බවට පත්කර ඇතැයි හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදීපයට පැවසූහ.
සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අස්සන් කළේ ජනාධිපතිවරයා ඉදිරියේ වුවද එහි ඇතුලත් කරුණු ගැන ජනාධිපතිවරයා නොදැන සිටීමෙන් එය තහවුරු වන්නේ යැයි රතන හිමියෝ අවධාරණය කළහ.
ඇතැමුන් චෝදනා කළ ද ගිවිසුමේ අන්තර්ගතය ගැන අගමැතිවරයා පවා නොදන්නේ යැයි කී උන්වහන්සේ ඒ ගැන හරියටම දන්නේ මලික් සමරවික්‍රම ඇමැතිවරයා පමණකැයි ද සඳහන් කළහ.
එනිසා මෙම ද්විපාර්ශ්වික ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි ද විධිමත් වෘත්තියවේදී කමිටුවක් මගින් එය සිදුකළ හැකි යැයි ද අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසරයි අපේ හාමුදුරුවනේ... ඔය මඩවගුරේ ලැගලා ඉන්නේ බලාංශයේ ඉගෙනගන්න ළදරුවෝද? එක එක්කෙනාගේ උත්සවවලට අරගෙන යන්න...
ජනධිපතිතුමා උපදෙසකයෝ පත්කරගෙන ඉන්නේ ඒකට තමා. උපදේශකයෝ පිස්සු නටනකොට එතුමා මොකද කරන්නේ.