IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටේ ආර්ථිකය කඩාකප්පල් කරන මාෆියා සංවිධානයක්‘‘

(නිමල කොඩිතුවක්කු)

රටේ ආර්ථිකය දිගින්  දිගටම කඩාකප්පල් කරන මාෆියා සංවිධානයක් බවට අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්ව ඇතැයි  එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා අද (31) පැවසීය.

ඔවුන් කිසිදිනක සෞඛ්‍ය සේවය ඉහළ නංවන්න ජනතාවට සිදුවන  අපහසුතාවයන් වළක්වන්න ,ජනතාවට ගුණාත්මක සේවයක් ලබා දෙන්න මැදිහත් වී නොමැති බවත්  ජනතාවට යම් දෙයක් ලැබේ නම් එයට විරුද්ධව වැඩ කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේද කීවේය.

 ‘‘ශ්‍රී ලංකා සිංගප්පූරු වෙලඳ ගිවිසුම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලබන මාසේ 3 වැනිදා වැඩ වර්ජනයකට යනවලූ.  රටක් විදියට අපිට ලෝකයත් එක්ක ඉස්සරහට යන්න  ඕන නම් අනිවාර්යයෙන්ම අපිට වෙළඳ ගිවිසුම් වලට යන්න වෙනවා.

අතීතයේදී පැවති හැම ආණ්ඩුවක්ම විවිධ රටවල්  සමඟ වෙළඳ ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. ගෝලීයකරණය යටතේ මේ තියෙන වෙළඳ  පොළ ආර්ථිකය යටතේ මුලූ ලෝකයම අද ගමක් බවට පත්වෙලා තියෙනවා.

ලෝකයේ දියුණු රටවල්  එක වෙළඳ පොළක් කියන  සංකල්පය මත අද ගමන් කරනවා.  අපිත් රටක් විදියට අපේ අසල්වාසි  රටවල් සමඟ වෙළඳ ගිවිසුම් වලට යොමු විය යුතුයි. ඒ මගින් තමයි වෙළඳ පොලක් හදාගෙන අපිට ඉදිරියට යන්න වෙන්නේ.

අපි ගිවිසුම් අත්සන් කරන විට අපිට සියයට සියයක වාසියක්  නොලැබෙන්න පුළුවන්. ගිවිසුමක් අත්සන් කරද්දී වාසි අවාසි දෙකම තියෙනවා.

අපේ  රටේ ආර්ථික  ශක්තිය, නිෂ්පාදනය, ආර්ථික ක‍්‍රියාවලිය ජනතාවගේ සමාජ තත්ත්වය උසස් කරන්න තමයි අපි ගිවිසුම් වලට එළැඹෙන්නේ.

මෙම ගිවිසුම හරහාත් අපි බලන්නේ අපේ රටේ නිෂ්පාදකයන්ට හොඳ වෙළඳපොළක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලයි. ඒ වගේම ආයෝජකයන් ගෙන්වා ගැනීම කෙරෙහිත් අවධානය යොමු කරලා තියෙනවා.

දැන් මේ ක‍්‍රියාවලියට  එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමය දිගින් දිගටම විරෝධතාවය එල්ල කළා. එට්කා ගිවිසුම ගේන වෙලාවෙත් ගිලන් රථ සේවාව  හඳුන්වා දෙන වෙලාවෙත් මේ අය දිගින් දිගටම අපිට විරෝධතාවය  එල්ලකළා.

ගිලන් රථ සේවය සමඟ රෝ ඔත්තු සේවය එන බවට චෝදනා කළා.  මේ මගින් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ  අයගේ රැකියා අහිමි වෙනවා කිව්වා. ඉන්දියානු වෛද්‍යවරුන් ඇතුලූ කාර්‍ය මණ්ඩල එනවා කිව්වා. අද ඒ හැම දෙයක්ම අසත්‍යයක් වෙලා තියෙනවා. රටේ දුප්පත් මිනිස්සුන්ට විශාල ප‍්‍රතිලාභයක් ලැබිලා තියෙනවා.

අපිට  දැන් අහන්න වෙනවා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් එදා  එනවා කිව්ව රෝ එක කෝ කියලා. මෙයින් රැකියා අහිමි වුනේ කාගෙද  කියලා අපි ඒ අයගෙන් අහනවා. මේ ගිලන් රථ සේවය  ගෙනාපු එකෙන් රැකි රක්ෂා වැඩිවුනා.

දිගින් දිගටම මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කරන මාෆියා සංවිධානයක් බවට අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්වෙලා තියෙනවා. මේ අය කවදාවත් මේ රජය කරන හොඳ දේවල් වලට මැදිහත් වෙලා නැහැ.

ඔවුන් කිසි දිනක සෞඛ්‍ය සේවය ඉහළ නංවන්න ජනතාවට සිදුවන  අපහසුතාවයන් වළක්වන්න ජනතාවට ගුණාත්මක සේවයක් ලබා දෙන්න මැදිහත් වෙලා නැහැ. ජනතාවට යම් දෙයක් ලැබෙනවනම් ඒකට විරුද්ධව වැඩ කරන වර්ජන තමයි අද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන්නේ.

මේ රටේ සෞඛ්‍ය සේවය ඉහළ නංවන්න විශාල වැඩකොටසක් මේ රජය සිදුකරලා තියෙනවා. ඇයි මේ වෛද්‍යවරුන්ගේ සංගමය මේවා ගැන කියන්නේ නැත්තේ‘‘ යැයිද ඔහු එහිදි සඳහන් කළේය.

 



අදහස් (4)

‘‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රටේ ආර්ථිකය කඩාකප්පල් කරන මාෆියා සංවිධානයක්‘‘

Raveendra Tuesday, 31 July 2018 02:54 PM

කතාව සහතික ඇත්ත. ඒවගේම මේ අම්බරුවගේ කටින්ම කිව්වොත් හොදයි නේද දියවන්න ඔයේ ඉන්න 225 ක් වූ අම්බරුවන් රෑනත් " රටේ ආර්ථිකය කඩාකප්පල් කරන මාෆියා සංවිධානයක් " කියල එතකොට නේද කතාවේ නියම වටිනාකම. කියනවකො බලන්න කරපු එක හොද දෙයක් ගැන කට ඇරලා අවංකව. අඩුතරමින් දුප්පත් මහජනතාවගේ බදුමුදල් වලින් තමන් ලබා ගන්න සුර සැප ගැනවත් කියනවා කට ඇරලා කියන්න දෙයක් නැතිනිසා. මහජනතාවට ස්තුති කරනවා දුපත් මිනිසුන්ගේ මුදල්වලින් 225 ම සුර සැප විදිනවා... එනිසා " අපි 225 දෙනාම ජාති ජාතිත් සදා ණයගැතියි " සියලුම ශ්‍රී ලාංකීය පුරවසියන්හට. එහෙමයි වැදගත් මිනිස්සු කතා කරන්නේ තේරුනාද.

:       0       15

janahitha Wednesday, 01 August 2018 06:38 AM

දේශපාලනය කරන අය නියමෙට ආර්ථිකේ ගොඩනගා ගන්න අය... මොකට කියනවද?

:       8       0

erdiWednesday, 01 August 2018 09:16 AM

ජනහිත.... රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන ඔබ මොනවද දන්නේ? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන එක හොඳ වැඩක් කියන්න. සයිටම් එක මහින්ද රාජපක්ෂ හදද්දී නකුට පස්සේ හංගාගෙන සුනඛයෝ වගේ හිටපු චැනල් හොරු. අද සයිටම් ප්‍රශ්නය කොයිතරම් දුර දිග ගිහින්ද ගුටි, උද්ඝෝෂණ නොනවතින අරගලයක්... ඒකට වග කියන්න ඕනේ ඔය හොර සංගමය. රටේ දුප්පත් අසරණ රෝගීන් මරා පුද්ගලික චැනල් අස්සේ රිංගන ඔය වගේ නැහැදිච්ච අයට හිට්ලර් සරණයි...

:       254       237

MaheeThursday, 02 August 2018 02:49 AM

ජනහිත, යන්නේ කොහෙද, මල්ලේ පොල් නේද? දේශපාලුවෝ හොරකම් කරන එක නොදන්නේ කවුද? මේ පුවතින් කියන්නේ මුජිබර රහමන් විසින් කියන ලද ඉතාම නිවැරදි වූ සත්‍යයක් නොවේද? කිව්වේ කවුරු වුනත් ඒ පුද්ගලයා කියා තිබෙන දේ ගැන බැලුවොත් මේ කියන්නේ මොන තරම් ඇත්තක්ද කියල ලංකාවේ ඉන්න මිනිස්සු නම් දන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site