(චන්ද්‍රසේන ගමගේ)
පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වගකීම සම්පූර්ණයෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා බාර ගත යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (27) තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.
පසළොස්වක පොහෝ දිනවල කාල්ටන් නිවසේ පවත්වනු ලබන ‘‘අමාදම් සිසිල‘‘ 179 වැනි ධර්ම දේශනාව ශ්‍රවනය කිරීම සඳහා පැමිණි හිටපු ජනාධිපති වරයා වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
‘‘නව මැතිවරණ ක්‍රමය මේ ආණ්ඩුව විසින් අවුල් කර තිබෙනවා. එය විහිළුවට ලක් කොට තිබෙනවා. බොහෝ අඩුපාඩු තිබියදි නව මැතිවරණ ක්‍රමය කඩි මුඩියේ ආණ්ඩුව සම්මත කර ගත්තා ඒ තුළින් ගැටළු රාශියක් පැන නැගි තිබෙනවා.මේ ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ මැතිවරණ කල් දමා ගැනීමටයි.
මේ රටේ සමස්ත සම්පත් මේ ආණ්ඩුව විසින් විකුණා දමමින් තබෙනවා. ඒ මගින් රටේ ජාතික ආරක්ෂාවට තර්ජන ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.මත්තල ගුවන් තොටුපල විකුණනවා. නමුත් මත්තල විකුණනවාට වැඩි මුදලකින් මේ රට ට රත්‍රන් ගේනවා.පහු ගිය මාස කිහිපයේ මේ රටට රත්‍රන් ගේන්න වියදම් කළ මුදලින් මත්තල ගුවන් තොටුපලේ ණය විතරක් නොවෙයි හම්බන්තොට වරායෙත් ණය ගෙවා දමන්න පුළුවන් කම තිබුණා. ඒ තරම් මුදලක් පහු ගිය මාස කිහිපයේ රත්‍රන් ගේන්න ආණ්ඩුව වියදම් කළා.
අපි හම්බන්තොට විතරක් නොවෙයි උතුර සංවර්ධනය කරන්නත් ණය ගත්තා.ඒ ණය වලින් අපි උතුරේ මාර්ග හැදුවා. දුම්රිය මාර්ගය හැදුවා. රෝහල් හැදුවා. නමුත් මේ අය කථා කරන්නේ හම්බන්තොටට ගත්ත ණය පිළිබඳව විතරයි. මේ ආණ්ඩුව හම්බන්තොට පිළිබඳව වෛරයකින් බලනවා.
අපි මේ රටේ සම්පත් විකුනනවාට විරුද්ධයි. සම්පත් විකිණීම තුළින් රටේ ආරක්ෂාව පිළිබදවත් ප්‍රශ්න මතු වෙනවා.මේ ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ මේ රට විනාශ කිරීම පමණයි. මේ රට ගොඩනගන්න මේ අයට අවශ්‍ය නැති බව පේනවා.‘‘


2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වගකීම මැ.කො බාර ගත යුතුයි