ආරියරත්න රණබාහු
බුද්ධි අංශය දුර්වල කර එහි නිලධාරින් රිමාන්ඩ් කිරිම ගෝලීය දෙමළ සංසදයට පනවා තිබු තහනම ඉවත් කිරිම ඇතුළු ක්‍රියා නිසා කොටි සංවිධානයට නැවත හිස එසවීමට වත්මන් රජය අවස්ථාව සලසා දී ඇතැයි ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
එම සංවිධානයේ ඊළාම් සිහිනය තවම බිඳ වැටී නැතැයි කී විරසේකර මහතා යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඊට පාර කපමින් සිටින බවටද චෝදනා කළේය.
රාජගිරිය නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන එකමුතු ප්‍රධාන කාර්යාලයේ අද (3) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ බව කී විරසේකර මහතා එහිදී මෙසේ ද කීය.
පොලිස් බලතල දුන්නොත් උතුරේ සිදුවන අපරාධ සති දෙකකින් නිම කිරිමට හැකි බව උතුරේ මහ ඇමැති විග්නේෂ්වරම් මහතා පවසා තිබෙනවා.
මෙහෙම සති දෙකකින් ඒ වැඩ නතර කිරිමට ඔහුට හැකි බලයක් තියෙනවා කියන්නේ ඒ අපරාධකරුවන් සමඟ ඔහු සුහදතාවකින් කටයුතු කරන බවයි. අනිත් අතට අපරාධකරුවන් සමඟ මහ ඇමැතිවරයාගේ සෘජු මැදිහත්වීමකුත් තිබෙන බව මින් පෙනී යනවා.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘‘කොටි සංවිධානය නැවත හිස එසවීමට වත්මන් රජය ඉඩ සලසනවා‘‘
Sumanadadsa Friday, 10 August 2018 02:50 AM
රටේ පිහිටීම අනුව යුධමය, වාණිජ වශයෙන් ඉතා වැදගත්. මේ නිසා බාහිර බලපෑම් වැඩයි. මේ නිසා රටේ අස්ථාවරත්වයට දිගින් දිගටම බලපානවා. මේ නිසා නිතරම ඉතාමත් කල්පනාකාරීව කටයුතු කලයුතුයි. රට තුල සිදුවන සෑම වැදගත් කටයුත්තකම කෙළවරක් ඇත්තේ ඈත එපිටය.