IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අල්ලස වැඩි පතතින ක්‍රමය නිසයි - වාසු


 
 චන්ද්‍රසේන ගමගේ
 
‘‘පවතින සමාජ ක්‍රමයේ දුෂ්කර තාවය නිසා මේ රටේ සමාජ විරෝධී ක්‍රියා ඉහළ ගොස් තිබෙනවා. මේ සමාජ ක්‍රමය වෙනස් නොකොට මේ උවදුරෙන් අපේ සමාජයට ගැලවීමක් නැහැ.‘ යැයි  ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා  පැවසීය.
 
අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ඇඹිලිපිටිය ප්‍රාදෙශීය සභාවේ සභාපති එම්.කේ.අමිල මහතාගේ සුවදුක් බැලීමට අද දින (29) දහවල් පැමිණි වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යයට අදහස් දක්වමින් එසේ පැවසීය.
 
‘‘මේ වන විට රජයේ බොහෝ අංශවල අල්ලස් ගැනීම සිදු වෙනවා. රටේ නීතිය  ක්‍රියාත්මක කරනු ලබන අධිකරණ පද්ධතිය තුළත් අල්ලස් ගැනීම තිබෙනවා. ඒ වගේම තත්ත්වයක් බන්ධනාගාරය තුළත් සිදු වෙනවා. රජයේ දෙපාර්තමෙන්තුවලත් කොන්ත්‍රාත් වලදීත් පමණක් නොවෙයි මේ රටේ සමහර මන්ත්‍රී වරුනුත් අයුතු ලාභ ගැනීම් කොමිස් ගැනීම් සිදු කරනවා. බන්ධනාගාරය තුළත් නිළධාරීන්ට යමක් ලැබෙන්නේ මත් ද්‍රව්‍ය වෙළදාම තුළින් පමණයි. වෙන මුදල් උපයන්න ක්‍රමයක් නෑ. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් මේවාට යොමු වෙනවා.
 
ඇයි මෙහෙම වෙන්නේ? මේක ක්‍රමාණුකූලව වැඩි වූ තත්වයක්. මෙහි මූලාරම්භය වන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධන විසින් ඇති කරනු ලැබූ විවෘත ආර්තික ප්‍රථිපත්තිය යි. දැන් හැම දේම මුදල මත තීරණය වෙනවා. රජයේ සේවකයාට ලැබෙන වැටුපෙන් මාසෙ භාගයක් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මේ තත්ත්වය තුළ බන්ධනාගාර නිලධාරීන් මුදල් හොයන්න පෙළඹෙනවා.
 
අද මෙයින් පිළිබිඹු වෙමින් තිබෙන්නේ මේ සමාජයේ පවතින අර්බුදය යි. අද මේ සමාජය රෝගී වී තිබෙනවා. රෝගී වූ සමාජයකින් මීට වඩා යමක් බලා පොරොත්තු වෙන්න බෑ. අද මම අගුණකොළපෑලැස්ස බන්ධනාගාර කොමසාරිස් තුමාගෙනුත් මේ ගැන විමසුවා. එතුමා කියන්නේත් මේ වන විට බන්ධනාගාර නිළධාරීන් දැඩි ආර්ථික පීඩනයකට හසුව සිටින  බවයි. මේ සිදුවීම් වල පසු බිම දුප්පත් කම බව වැටහෙනවා. මේ සමාජ ක්‍රමය පවතින තාක් කල් අල්ලස වගේම මත් ද්‍රව්‍ය උවදුර තුරන් කරන්න පුළුවන් කමක් වෙයි කියා මම හිතන්නේ නෑ.
 



අදහස් (1)

අල්ලස වැඩි පතතින ක්‍රමය නිසයි - වාසු

Janahitha Monday, 30 July 2018 05:39 PM

ගිහින් බලන්න වරායේ රේගු අධිකාරියට..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site