ඩයනා උදයංගනී
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම වැනි වැදගත් තීරණ ගැනීමේදී ජාත්‍යන්තරයට අවශ්‍ය අයුරින් කටයුතු කළ නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ස්වාධීන රටක් බව කී අමාත්‍යවරයා මානව හිමිකම් කොමසාරිස්වරයාට අවශ්‍ය අයුරින් රටේ වැදගත් තීන්දු තීරණ ගත නොහැකි බව ද සඳහන් කළේය.
මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ගැටලූවක් මතු කළ හොත් එය ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඔවුන්ට පැහැදිලි කර දිය හැකි බව ද ඇමැති මහින්ද සමරසිංහ මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රජය සතු දුම්කොළ ගොවිපොළවල් හා කම්හල් විදේශ සමාගම්වලට විකුණා දමමින් රට කාබාසිනියා කළහ. උක්, කපු, තේ, අර්තාපල් සරුවට වැවෙන රටක් වූ මලාවි අද හිඟාකන තත්ත්වයට පත්වී ඇත්තේ දේශපාලකයන්ගේ හපන්කම් නිසාය" අද ලංකාවට මේ දේම සිදුවෙමින් පවතියි.