IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


රතන හිමි ජාතියෙන් සමාව ගත යුතුයි - ප්‍රසන්න රණතුංග

සුජිත් හේවාජුලිගේ
 
තනතුරු අත්හැරීමට පෙර මේ ආණ්ඩුව ගෙනවිත් රටට කළ විනාශයට මුළු මහත් ජාතියෙන් සමාව ගන්නැයි අතුරලියේ රතන හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
දැන් තැන තැන බොරු කතා කියමින් යනවා වෙනුවට නිවැරදි තීන්දුවකට පැමිණ ඒකාබද්ධ විපක්ෂයට එක්වන්නැයි උන්වහන්සේට ආරාධනා කරන බව ද රණතුංග මහතා කීවේය.
 
ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ අතුරලියේ රතන හිමියන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරින් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳ කළ විමසීමකදීය.
 
රණතුංග මහතා මෙසේද කීවේය.
 
‘යුද්ධය අවසන් කර මේ රට සීඝ්‍ර සංවර්ධනයකට යද්දී ඒ ප්‍රගතිශීලී ගමන බිඳදමා, ගිය ආණ්ඩුව බිඳ දැමීමට මුල්වූ අයගෙන් ප්‍රධානියකු තමයි රතන හිමියෝ. උන්වහන්සේ ගිය ආණ්ඩුව පෙරළුවේ ජනතාවට පොරු කප්පරක් දේශනා කරලයි. නමුත් ජනතාවට දුන්නු එකම එක පොරොන්දුවක් හෝ ඉටු කරලා දෙන්න උන්වහන්සේට බැරි වුණා. රතන හිමියන් මේ ආණ්ඩුව බලයට ඒමට තදින්ම කියූ දේවල් තමයි උතුරේ ප්‍රශ්නය, ග්ලයිපොසේට් පිළිබඳ ප්‍රශ්නය. අන්තිමේදී උන්වහන්සේට ඒක කර ගන්නත් බැරිවුණා. 
 
අවුරුදු තුනක් මේ ආණ්ඩුවේ ඉඳලා විවිධ තනතුරු දරලා රට විනාශ වුණාට පස්සේ තනතුරු අත්හරිනවා කියන එක විහිළුවක්. තනතුරු අත් හැරීමට ප්‍රථම රතන හිමියන් කළ යුත්තේ මේ ආණ්ඩුව ගෙනැවිත් කරපු වැරැද්දට ජාතියෙන් සමාව ගැනීමයි. ‘‘



අදහස් (4)

රතන හිමි ජාතියෙන් සමාව ගත යුතුයි - ප්‍රසන්න රණතුංග

Chanak Los angeles Monday, 30 July 2018 12:14 AM

වැදගත් අවංක නීතිගරුක පුද්ගලයෙක්නේ තවකෙනෙකුට සමාව ගන්න කියා කියන්නේ ?මීමින්නා හිතනවාලු උගේ ඔලුව පමණක් හංගා ගත්තාම ශරීරයත් හැංගිලා දඩයක්කරුට පෙනෙන්නේ පොලුපාර වදින්නේ නෑ කියලයි ..

:       29       10

gunarathna Monday, 30 July 2018 06:10 AM

අපිට හොඳටම මතකයි සිවුර විසිකරකර මහින්දව එලවනවා කියල වේදිකාව උඩ දඟලපු හැටි.

:       2       27

rohana Monday, 30 July 2018 07:18 AM

අනේ මේ මන්ත්‍රීතුමා ඔයාගේ ලොක්ක කරපු ජඩ වැඩ දැන් එළිවෙලා තියෙන්නේ විදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා.

:       44       5

V.warnakulasuriya Monday, 30 July 2018 07:48 PM

ඕක ඉතින් අවු.70 ක් තිස්සේ කාටත් වැරදුන දෙයක්නේ. ගණන් ගන්න දෙයක් නොවේ. ඒ වුනාට කියන උපාසක මහත්වරුන්ට සමාවෙන් පමණක් නිදහස් වෙන්නට ඉඩ නැ.හරිනම් හිරේ යන්නම ඕනේ. මේ දවස්වල දකින වීඩියෝ දැක්කම සමහර අය දණගහලා වැඳලා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 409 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 359 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site