එෆ්.අස්ලම්
යුද්ධයෙන් සිදුවූ විනාශයේත් එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමේත් සම්පූර්ණ වගකීම ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් බාරගත යුතු බව දෙමළ විමුක්ති පෙරමුණේ නායක වී.ආනන්ද සංගරි මහතා සඳහන් කළේය.
මඩකලපුව කල්කුඩා ප්‍රදේශයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ රැස්වීමකට එක් වෙමින් සංගරි මහතා මේ බව කියා සිටියේය.
ප්‍රභාකරන්ව මම හදුනන්නේ ඔහු කුඩා කල සිටයි. ඔවුන් කරපු ඇතැම් වැරදි මා මීට පෙරාතුවම කියල තියෙනවා. මම එදා පෙන්වා දුන්න ඒ වැරදි අද සනාථ වෙලා තියෙනවා. මම කොටි සංවිධානය විනාශ කිරීමටත් එම සංවිධානය පාවා දීමටත් උත්සහා කළා කියලා බොරු කතන්දර ප්‍රචාරය කරල ඇතැමුන් මට ද්‍රෝහියා කියන ලේබලය අලවන්න හදනවා.
කොටි සවිධානය පැවසු ආකාරයට සියළුම දෙමළ දේශපාලන පක්ෂ එක්සත් වී ජනතාවට සේවය කරන්න මූලිකත්වය ගත්තා නම් එක්සත්ව මැතිවරණයට මුහුණ දුන්නා නම් 2004 අප්‍රේල් මාසයේම යුද්ධය ඉවර කරන්න තිබුණා.
නමුත් අවසානයේ සිදුවුණේ මොකක්ද? දෙමළ ජනතාව අද සිටින තත්වයට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය වග කියන්න ඕනෑ. මෙය සම්බන්ධන් හෝ මාවෙයි සේනාධිරාජා හෝ ප්‍රතික්ෂේප කරයිද? එසේ ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ගැන කතා කරන්න තමන් හා විවාදයකට එන්නැයි මා අභියෝග කරනවා.
එදා දෙමළ පක්ෂ එකතු වෙලා තිබුණා නම් ප්‍රභාකරන් තවමත් ජීවමානව සිටිනු ඇති. ජනතාවට මේ වගේ පීඩාවකුත් අත්විදින්නට සිදු නොවනු ඇති. මේ සියල්ලටම වගකිව යුත්තේ තමිල් අරසු කච්චි පක්ෂයයි.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආනන්ද සංගරිගෙන් තමිල් අරසු කච්චි පක්ෂයට චෝදනා
Saman Friday, 27 July 2018 07:18 AM
ඔබ හරි ........ සියලුම දේශපාලකයන් වගකිව යුතුයි....