(ආරියරත්න රණබාහු)
පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පවත්වන ලෙස සුළු පක්ෂ කිහිපයක් රජයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදුර්දීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් යන ඇමතිවරු එම ඉල්ලීම කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඔවුහු මෙම අදහස ඉදිරිපත් කර තිබේ.
පැරණි සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා දැනට සම්මත කර ඇති කොට්ඨාස ක්‍රමයේ ඇතුළත් ඡන්ද ක්‍රමය අවලංගු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෙම පක්ෂ නායකයින් යෝජනා කර තිබේ.
මේ අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම පක්ෂ නායක රැස්වීමේදී අදහස් දක්වමින් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වු නව ක්‍රමයටම පළාත් සභා ඡන්දයද පැවැත්වීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කැමැති බවය.
ඒ අනුව කිසිදු තීරණයකින් තොරව පක්ෂ නායක රැස්වීම අවසන් වී ඇතැයි ද වාර්තාවේ.
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමයට පවත්වන්න ඉල්ලීමක්