IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව ආර්ථිකය ඇතුළු සියලු දේ පෙරළා දමා දැන් ගමත් පෙරළන්න “ගම්පෙරළිය”ක් අරඹලා

(නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

 “මේ අවුරුදු තුනහමාරක කාලයක් තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. කරගෙන ආ සංවර්ධනය ඇනහිටි බව ඔබ දන්නවා. මේ හේතුකොටගෙන ඔබ පළාත්වල පවා ගම්බද ජනතාවට කොපමණ දුකක් විඳින්නට සිදුවී තිබෙනවාද? කියලා. මේ අවුරුදු තුනේදී ආර්ථිකය පෙරළලා දැම්මා. සංවර්ධනය පෙරළලා දැම්මා. ආරක්ෂාව පෙරළලා දැම්මා. මුළු රටම පෙරළලා දාලා දැන් ගමත් පෙරළන්න ගම්පෙරළියක් ආරම්භ කරන අවස්ථාවේදී අර උදලු අරගෙන පිඩලි කපලා ගමේ ඉතුරුවෙලා තිබුණු සංස්කෘතිය, ගමේ ඉතුරුවෙලා තිබුණු අපේකම උදලු තලයෙන් ගසලා අවසන් කරන්න තමයි ගම්පෙරළියක් ගේන්න යන්නේ.” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (22) නුවරඑළියේදී පැවසීය.

නුවරඑළිය පුරහලේදී පැවති එළිය සංවිධානය මෙහෙය වූ රැස්වීමක් අමතමින් හෙතෙම එසේ කීය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙසේද කීය.

“එදා මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ නායකයා වශයෙන් පත්කරගත් අවස්ථාවේදී 2005 දී එතුමාට විශාල අභියෝගයක් සහිතවයි මේ රට බාරදුන්නේ. අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ සියලු ජනතාව භීෂණයකට සහ පීඩනයකට ලක්කරමින් ජනතාව විනාශ කරමින් අපේ ආර්ථික මර්මස්ථාන විනාශ කරමින් මේ රටේ තිබුණු ත්‍රස්තවාදයත් ඒ හේතුවෙන් කඩා වැටුණු ආර්ථිකය සංවර්ධනය කිරීමත් බලාපොරොත්තුවෙන්.  

එතුමා ඉතා කෙටිකාලයක් තුළ අවුරුදු ගණනාවක් තිබුණු ත්‍රස්තවාදය මේ රටින් තුරන්කර දැම්මා. ඒ වගේම මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට සංවර්ධනය දියත් කළා. එතුමා උතුරු - නැගෙනහිරින් කඩාවැටුණු ජනජීවිත ගොඩගන්න ඒ වගේම දකුණ සංවර්ධනය කරමින් මේ රටේ සිටින ජනතාව ගොඩගන්න කටයුතු කළා.  

විශේෂයෙන්ම රටක සංවර්ධනයක් ඇතිවන අවස්ථාවක රටේ ජනයා වෙත සංවර්ධනය බෙදී යා යුතුයි. ඒ නිසා තමයි එතුමා නගරයේ මෙන්ම ගමත් දියුණු කළේ. මේ පළාතේ පාරවල් දියුණු කළා. විදුලිය ලබා දුන්නා. ආරෝග්‍යශාලා ඉහළ මට්ටමකට ගෙනාවා. ඒ වගේම විශාල සංඛ්‍යාවක් ගුරුවරුන් වශයෙන් බඳවාගෙන අධ්‍යාපනය දියුණු කළා. මහින්දෝදය විද්‍යාගාර ඇති කළේ මෙරට ගම්බද ජනතාවගේ දරුවන්ට විද්‍යාව පිළිබද ඉගැනුමක් ලබා දීමටයි. මෙවැනි ක්‍රියාතුළින් එතුමා අදහස් කළේ විශේෂයෙන් දරිද්‍රතාවයෙන් පහළ සිටින ජනතාව ඉහලට ගෙන ඒමටයි.
මහින්ද චින්තනය තුළ සංවර්ධනය කියලා තිබුණේ රටේ සංවර්ධනය ඉහළ යනවාසේම විශේෂයෙන්ම දිළිඳු ජනතාව ඒ මට්ටමෙන් ඉහළට ගැනීමටයි. 2009 - 2017 දක්වා ඒක පුද්ගල ආදායම ඩොලර් 1000ක් දක්වා ඉහළ ගියා. එසේ ඉහල යනකොට එක කොටසකගේ පමණක් ආර්ථිකය ඉහළ ගියාට මදි. විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ ආර්ථිකය ඉහළ දැමිය යුතු කියන මතයේ එතුමා හිටියා. ඉහළ මට්ටමේ සංවර්ධනය වෙලා පහළ කොටස සංවර්ධනය වූවේ නැතහොත් රට කඩාගෙන වැටෙනවා. එසේ කඩා වැටුණොත් ඒ රටේ ස්ථීර සංවර්ධනයක් ඇතිවන්නේ නැහැ. මේ නිසා මහින්ද චින්තනය තුළ විශේෂයෙන් ගමට සංවර්ධනය ගෙනයෑමට සෑම කෙනෙකුටම සංවර්ධනය ගෙනයෑමේ වැඩපිළිවෙළක් සකස් වුණේ.

මේ නිසයි ගම්බද පවා සෑම ගමකම පාරවල් දියුණු කර විදුලිය ලබා දුන්නේ. පාසල් දියුණු කළේ විශේෂයෙන් දරිද්‍රතාවයේ පහළ මට්ටමේ සිටින පවුල් ඉහල තලයකට ගෙන ඔවුන් ශක්තිමත් කර ඔබත් බලගතු කිරීම කළේ. ඒ සඳහා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීමට ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීමට අවස්ථාවක් සැලසුම්කළේ. මේ නිසා සෑම පාසලකටම විද්‍යා විෂය ඉගෙනගන්න කටයුතු කළේ. මෙවැනි සංවර්ධන ක්‍රියාවලියක් කරද්දී 2018 දී එය අතරමග නතර වුණා. 

අපි නැවත මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙන් යුතු රජයක් ආරම්භ කළ යුතුයි. අනාගතය ගොඩගන්න එදා නතරවූ සංවර්ධනය යළි ගෙන යන්න නැවත අපි ජනතාව සංවිධානවෙලා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් අලුත් රජයක් බිහිකරන්න ඕනෑ.

මේ අවුරුදු 3 1/2 ක් කාලයක් තුළ මේ රටේ ආර්ථිකය කඩා වැටුණා. කරගෙන ආ සංවර්ධනය ඇනහිටිය. මේ හේතුකොටගෙන ඔබ පළාත්වල පවා ගම්බද ජනතාවට කොපමණ දුකක් විඳින්නට සිදුවී තිබෙනවාද? කියලා ඔබ දන්නවා. 

මේ අවුරුදු 3 තුළ ආර්ථිකය පෙරළලා දැම්මා. සංවර්ධනය පෙරළලා දැම්මා. ආරක්ෂාව පෙරළලා දැම්මා. මුළු රටම පෙරළලා දාලා දැන් ගමත් පෙරළන්න ගම්පෙරළියක් ආරම්භ කරන අවස්ථාවේදී අර උදලු අරගෙන පිඩලි කපලා ගමේ ඉතුරුවෙලා තිබුණු සංස්කෘතිය ගමේ ඉතුරුවෙලා තිබුණු අපේකම උදලු තලයෙන් ගසලා අවසන් කරන්න තමයි ගම්පෙරළියක් ගේන්න යන්නේ.

ඔබ දන්නවා මහින්ද රාජපක්ෂ මහතා මහින්ද චින්තනය යටතේ මේ පළාතේ තේවතුවල ජනතාවගේ වේතන ඔවුන්ගේ ජීවිතවලට සරිලන අයුරින් සුදුසු තැනකට ගෙන ආ යුතුයි කිව්වා. එළවර්‍ළු ගොවිතැන් කරන ගොවි ජනතාවට නවීන ක්‍රම හඳුන්වා දීම අවශ්‍යයි. එළවළු වැඩිකාලයක් තබාගෙන වෙළඳපොළට ගෙන යෑමට නවීන තාක්ෂණ ක්‍රම හඳුන්වා දීම අවශ්‍යයි.

සියලු පුද්ගලයන්ගේ ජීවන තත්වය ඉහලට ගෙන යෑමට ඔවුන්ට නිවාස පහසුකම් ලබාදීම අවශ්‍යයි. ඒ වගේම ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය හා අධ්‍යාපන මට්ටම ඉහලට ගෙන යෑමට අවශ්‍යතා සහතික කළ යුතුයි. එම සැලසුම් අනුව මේ රට පාලනය කරන්න කටයුතු කිරීම අපේ යුතුකමක්.

අපි මේ එළිය සංවිධානය අද මේ රටේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරනවා වගේම වියත්මග සංවිධානය හරහා මේ රටේ විද්වතුන් එකතු කරලා ඒ අයගේ අදහස් සෑම පළාතකම සිටින විද්වතුන්ගේ අදහස් අරගෙන ඒ අදහස් අනුව අද ලෝකය වෙනස්වන ආර්ථික සංවර්ධන සලකා අපේ රටේ සංවර්ධනය ගෙන යන්නේ කරන්නේ කොහොමද? අපේ ආර්ථිකයේ වෙනස්කම් කළ යුත්තේ කොහොමද? ඒ හා සමාන මහින්ද චින්තනය ඉදිරියට යන්නේ කොහොමද කියල සැලසුම් සකස් කරගෙන යනවා.

ඒ වගේම තමුන්නාන්සේලා දන්නවා පොහොට්ටු පක්ෂය මගින් ඔබව දේශපාලනිකව එකතු කරලා දේශපාලනිකව බල ගන්වනවා. මේ ආකාරයේ දේශපාලනිකව ඔබ සංවිධාන කරනකොට වියතුන් එකතු කරලා ඉදිරි සැලසුම් සකස් කරනකොට ඔබ සැමට අප කතා කරන දේවල් හුදු වචන පමණක් නොවේ. ඒවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා බලයට එනවිට තිබුණු විශාල අභියෝගවලට මුහුණදී එතුමා ක්‍රියාකර පෙන්නුවා. එතුමා පොරොන්දු වූ දේ එදා ඉටුකලා. එතුමා බාරගත් අවස්ථාවේදී මේ රටේ පමණක් නොවේ විදේශිකයින්ට පවා කළ නොහැකියි කියූ ත්‍රස්තවාදය පරාජය කරලා විදේශිකයින් මවිතයට පත් කරමින් සංවර්ධනය මේ රට තුළ කෙටිකාලයක් තුළ කළා.

ජනතාව කෙරෙහි විශ්වාසය තියෙන පුද්ගලයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන නායකයා. ඒ නිසා තමයි එදා 1970දී කැරලි ඇතිවුණේ. ඒ ගම සංවර්ධනය නොවුණු නිසයි. ඒ නිසා තමයි අවුරුදු ගණනාවක කතා කර කර හිටපු වරාය, දෙවන අන්තර්ජාතික ගුවන්තොටුපළක් හම්බන්තොට වැනි දුෂ්කර පළාතකට අරගෙන ගියේ. හම්බන්තොටට මොනරාගලට අම්පාරට මඩකලපුව වැනි ප්‍රදේශවලට ඒවායින් වාසි ලැබෙන්න තිබුණේ.   

අදූරදර්ශී පාලනයක් තමයි මේ රජය වසර 4කට ආසන්න කාලයක් ගෙනගියේ. ඒ හදපු සංවර්ධනය එදා කඩා වැටුණු ආර්ථිකය නැවතත් ගොඩනගන්නට අපි සියලුදෙනාම එක්වෙමු. නැවතත් මහින්ද රාජපක්ෂ යුගයක් මේ රටේ ඇති කරමු කියන විශ්වාසය තුළ මම ඔබගෙන් සමුගන්නවා.”

මෙම රැස්වීම අමතා හිටපු අමාත්‍ය නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී. බී. රත්නායක, මේජර් ජනරාල් කමල් ගුණරත්න, ආචාර්ය නාලක ගොඩහේවා, නීතිඥ කණිෂ්ක විතාරණ, අරුල් තම්බිමුත්තු, නිළියන් යෝගේස්වරම් යන මහත්වරුද අදහස් දැක්වූහ.

මෙම අවස්ථාව මධ්‍යම පළාත් නියෝජ්‍ය සභා මන්ත්‍රී එස්. බී. රත්නායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී නිමල් පියතිස්ස ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජන කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරු හා මන්ත්‍රීවරුන්ද, ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක පී. රාජදොරේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. ජෙගදීස්වරම් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.



අදහස් (5)

ආණ්ඩුව ආර්ථිකය ඇතුළු සියලු දේ පෙරළා දමා දැන් ගමත් පෙරළන්න “ගම්පෙරළිය”ක් අරඹලා

Shan Tuesday, 24 July 2018 06:34 AM

අනේ ඔයයි මමයි දන්නා ආර්ථිකේ. ඉස්සරවෙලා ඉගෙනගෙන එන්න.

:       150       14

රනවි Tuesday, 24 July 2018 06:48 AM

මෙයාද දැන් ලංකාවෙ ආර්ථික විෂ්ලේෂකය? අයිය ජනපති කාලේ වැඩකට නැති ව්‍යාපෘති කරද්දි දැක්කෙ නැද්ද? මෙයා ඉන්නෙ කාලේ මිනිහෙකුට නිදහසේ පාරේ යන්න පුලුවන්කමක්වත් තිබුණද? ..කොයි වෙලේ උස්සන් යයිද කියල මිනිස්සු පණ බයේ හිටියෙ..දැන් එනව ගම ගැන කියන්න..

:       150       29

chamTuesday, 24 July 2018 09:59 AM

මේක ප්‍රේමදාස මහත්තය කරපු කතාවක් නෙවෙයි. ප්‍රේමදාස මහත්තයාගේ කාලෙනේ අපිව ඇස බැඳලා ටයර් වල යැව්වේ. ඊළඟට ප්‍රභාකරන් අපිට බෝම්බ එව්වා. ඒ දෙකම රාජපක්ෂ කාලයේදී නැවතුනා

:       7       105

BamunuarachchiWednesday, 25 July 2018 12:08 AM

ඔබට පාරේ යනවිට මෙයාගෙන් කරදරයක් උනාද? නැතිනම් එහෙම ඔබ දන්නා කෙනෙකුට උනාද? එහෙම කරදර වුන කෙනෙකුගේ නමක් කියන්න පුලුවනිද? හලෝ මෙයා එන්නකලින් පාරේ නිදහසේ යන්න පුළුවන් කමක් තිබුනද? මැරුණේ බුරුතුගණන්. මෙයා නිසා නේද ඕගොල්ලෝ හෝගාන පොකුණ බලන්න කොළඹ ආවම ඕල්කොට් මාවතේ තෙරපෙන්නේ නැතුව යන්නේ, මිනිස්සු ව්‍යායාම වලට ඇවිදින්නේ. අද ඕල්කොට මාවතට ගිහිල්ල බලන්නකෝ පේව්මන්ට් කාරයෝ වැඩ පටන්ගෙන තිබෙන හැටි. JVP කාරයින්ගෙන් පුරුදුවෙලා ගිරවා වගේ තමන්ටවත් නොතේරෙන දේවල් කියවන්න එපා. කුහක සිංහලයෝ!

:       0       42

එර්දි Tuesday, 24 July 2018 10:47 AM

හිට්ලර්ගෙ විෂ්ලේෂණය නියමෙට අල්ලල ගිහින්

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 347 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 943 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1192 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7417 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 892 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 358 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 93 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1121 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site