(අංජුල මහික වීරරත්න)
රාජපක්ෂ කල්ලියට පාරවල් ගානේ රස්තියාදු වීමට සිදුවී ඇත්තේ ජනතා මුදල් කොල්ලකෑමේ පව නිසා බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී අද (4) පැවසීය.
ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට අක්කර 7ක කොළඹ හදවත විකිණූ රාජපක්ෂ කල්ලිය කොළඹට පැමිණ හිටගෙන ඉන්නේ කෙසේ දැයි තමාට නොතේරෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා කොහේ ගියත් තමාගේ හදවතට පහර වදින තැන්වලට යන්නට එපා යැයි රාජපක්ෂ කල්ලියෙන් ඉල්ලා සිටින බව ද කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූප - චතුර එස් කොඩිකාර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඉඩම දුන්නම කියමුකෝ..... රාජපක්ෂලා මේ රටට කරපු යම් හොඳ වැඩ කොටසකුත් තියෙනවා......යුද්දේ නැවැත්තුවේ නැත්නම් අක්කර 7ක් නෙවෙයි මෙලහකට මුලු කොළඹම අල්ලලා.....උපන් ආණ්ඩුව මොකද කරේ..... මොනද මහ බැංකුව කොල්ලා කෑවා කියන්නද? රණවිරුවෝ පාව දුන්නා කියන්නද? පිට රටින් පොලුත් ගෙනාවා කියන්නද? රටේ කෘෂිකර්මය කාලා දැම්මා කියන්නද?
මහා බැංකුව හොරකම් කල පවට කොහොම වේවිද ඒ අනුව බලනකොට?