IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


‘ජනපති ජාතික ආරක්ෂාව ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි’

බිඟුන් මේනක ගමගේ 

 

ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැතිවරයා හැටියට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

 

හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාවේ බල ඇණි 33 ක් වසා දමා ඇති බවට ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු හැටියට යැයි ද එම කැබිනට්ටුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට එවැනි අවස්ථාවක මුනිවත රැකිය නොහැකි යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අවධාරණය කර කීය.

 

නඩු පැවරීමකින් තොරව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගතකිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවා දැඩි ලෙස අවවාද කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම අනුමත කළ නොහැකි යැයි කී හෙතෙම එමගින් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ යටගැසීමට ඇති වුවමනාව මිස අනෙකක් නොවේ යැයි ද කීවේය.

 

නඩුවක් පැවරීමට පෙර සාක්කි තොරතුරු එක්රැස් කරගැනීම මෙන්ම සාක්කිකරුවන්ට බලපෑම් කිරීම වැළැක්වීම අත්‍යවශ්‍ය යැයි ද ජනාධිපතිවරයා එය හොඳින්ම දන්නේ යැයි ද දිසානායක මහතා කීවේය.

 

දේශපාලන වුවමනා වෙනුවෙන් ඝාතන කුමන්ත්‍රණ සිදුකිරීම මෙන්ම ඒවායේ පරීක්ෂණ යටගැසීමේ සුප්‍රකට ඉතිහාසයක් ලංකාවේ ඇතැයි ද නීතියට අනුව කටයුතු කරන්නේ නම් කිසිවකු දරණ තනතුර නිලය හෝ ඔවුන් ඉතිහාසයේ කළ සාධනීය මැදිහත්වීම් හෝ කිසිවක් සැළකිල්ලට භාජනය කළ යුතු නැතැයි ද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (2)

‘ජනපති ජාතික ආරක්ෂාව ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතුයි’

kumar (Gulf) Sunday, 16 September 2018 12:06 PM

71 හා 80වේ අග භාගයේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය ක්‍රියාත්මක කරපු අය දැන් නීතිය ගැන ජයට කතාකරනවා.

:       1       0

RaveendraFriday, 21 September 2018 06:35 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදියි. මේ "රතු ඇම්ඩන්ලා " දැන් බබාලා වගේ... කතාව. හැමවිටම බොරදියේ " මීමින්නෝ " අල්ලන්න මේ ගොයියෝ උපන් හපන්නු....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1486 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1325 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site