IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘ වර්තමාන ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාව අසරණ වෙලා‘

 (නිමල කොඩිතුවක්කු)

වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවෙන්  ජනතාව විශාල අහේනියකට පත්ව ඇතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා අද(25) පැවසීය.

උද්ගතවී  ඇති මූල්‍ය අර්බුධයට, ආර්ථික අර්බුධයට හේතු වූ අගමැතිවරයා සහ  එක්සත් ජාතික පක්ෂ මුදල්  ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපය පිලිබඳව ජනාධිපතිවරයාගේ ස්ථාවරය  රටට හෙලි කළ යුතු බවද ඔහු කියා  සිටියේය.

සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම්  පෙරේරා  කේන්දු‍්‍රයේ ඊයේ පැවැත්වූ  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහසු දැක්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.

      ‘‘ මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යදුරයට වඩා  ජනමාධ්‍ය අමාත්‍යදුරයට සුදුසුයි. ජනමාධ්‍යයේ ඔහුගේ ශිල්පය තමයි බොරු කතාවෙන් ඇත්ත කතා යට කිරීම.

ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා රුපියලේ වටිනාකම අඩිුවෙලා තියෙන්නේ සියයට 07කින් බවත් එය ඉන්දියාවේ  සියයට 09කින් බවත් ඔහු පෙන්වා දෙනවා. මේ නිසා ලංකාවේ තත්වය වඩා හොද බව ඔහු පෙන්වා දෙනවා.

2005 වසරේදී ඩොලරයක වටිකාකම තිබුනේ රුපියල් 114ක් පමනයි. 2015 වනවිට එය රුපියල් 132 දක්වා ඉහළ ගියා. 2015 සිට මේ දක්වා කාළය තුළ  ඩොලරයේ අගය රුපියල් 172ක් වෙලා තියෙනවා. රුපියල් 39කින් පමන අද රුපියල බාල්දු වෙලා තියෙනවා. 

උද්ධමනය ගැනත් ඔහු සම්පූර්ණ බොරු කතාවක් නිර්මාණය කරගනිමින් යනවා. ජන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ඉලක්කම් වලට අනුව 2015 උද්ධමනය  සියයට 3.7යි. අද එය සියයට 5.9යි. මංගල  සමරවීර මහතාට රජයේ  දෙපාර්තමේන්තුවල ඉලක්කම් නොපෙනී යාම පුදුමයක් නොවේ.  මෙතනදිත්  ඔහු සතු බොරු ගෙතීමේ, කරුණු විකෘති කිරීමේ විශේෂ හැකියාව පාවිච්චි කිරීමට ඔහු උත්සාහ ගනිමින් සිටිනවා.

රුපියලේ වටිනාකම අඩුවීම නිසා  ණය වල වටිනාකම වැඩිවෙන්න පටන් ගෙන තියෙනවා. මේ අවුරුදු තුනහමාරක කාළය තුළරුපියල් බිලියන 1000ක් දක්වා ණය වැඩිවෙලා තියෙනවා.

ජනාධිපති සහ හිටපු  ආරක්ෂක ලේකම් ඝාතන සැළැස්ම ගැන කරුණු දිහා බළපුවහම මේ වගේ බැරූරුම් කරුණක් පිලිබඳ  අධිකරණමය පියවර ගන්න දැනට  ලැබිලා තියෙන  තොරතුරු ප‍්‍රමාණවත්.  මේ වගේ සිද්ධියකදි  අධිකරණයට කරුණු  වාර්ථා නොකර පොලීසියට බරපතළ අපරාධයක් පිලිබඳ පරික්ෂණ කරන්න බැහැ.
 

ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (2)

‘ වර්තමාන ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාව අසරණ වෙලා‘

Saththaya Wednesday, 26 September 2018 01:44 AM

මේගොල්ලෝ හිටපු කාලේ හොද ආර්ථික ප්‍රතිපත්ති තිබුනානම් රට දියුණු වෙන්න තිබුනානේ. ඒ කාලේ මහබැංකුව ඉදිරිපත් කලේ ව්‍යාජ වාර්තා කියලයි ජනතාව දන්නේ. දැන් අපි ණය ගෙවන්නේ බදු ගෙවීමෙන් .

:       0       453

hindurangala pala Wednesday, 26 September 2018 09:32 AM

අපේ මන්ත්‍රීතුමනි ඔබතුමා 1970 සිටම අපිට සේවය කරනවානේ. නිෂ්පාදනයක් නොමැතිවුනාම ආර්ථිකය වැටෙනවා කියලා දන්නවා ඇතිනේ. ඉතින් ඔබතුමා පාර්ලිමේන්තුවෙ සිටි අවුරුදු හතලිස් ගනනක කාලයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔබතුමා කල යෝජනා මොනවාද

:       0       125

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 707 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site