රොමේෂ් මධුෂංඛ
'දෙමළ ජාතික සන්ධානය බලයට පත් වූ පසු දෙමළ ජනතාව වෙනුවෙන් සිදුකළ මෙහෙය, නායකත්වය පරාජය වෙලා තියනවා කියනවා නම් ඒක අමූලික බොරුවක්' යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (1) යාපනයේ මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
‘උතුරේ අත්පත් කරගත් ඉඩම් නැවත ජනතාවට ලබාදීමට ප්‍රධානතම හේතුව වූවේ මේ දේශපාලන වෙනස්කම නිසයි මෙකෙන් කිසිම දෙයක් වෙලා නැහැ කියන එක පිළිගන්න බැහැ දෙමළ ජාතික සන්ධානය දේශපාලන වෙනසක් කරන්න උදව් වුණා. එකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබිල නැහැ කියල කියනවා නම් ඒක අමූලික බොරුවක් එය ජනතාව හොඳින් දන්නවා දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට සම්පූර්ණයෙන්ම විසඳුමක් ලැබුණා කියල අපි කියන්නේ නැහැ මේ ලගදිත් ආර්.සම්පන්දන් විපක්ෂ නායකතුමන් විසින් ජනාධිපතිතුමන් හමුවෙලා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරල තිබුණා ඒ නිසා කිසිම දෙයක් වුණේ නැහැ කියන එක අමූලික බොරුවක් කියා කියන්න මම පසුබට වෙන්නේ නැහැ.
"නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මම ගාල්ලේදී පැවැත්වු කථාවේදී අපිට ෆෙඩරල් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට මා කියු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.මම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි.
නව ව්‍යවස්ථාව ඇති කිරීමට අපගේ පිවිසුම මතභේදයට තුඩුදෙන වචන භාවිතයෙන් වැළකී සිටිමයි. අතුරු වාර්තාවේ බොහෝම පැහැදිලිව ඒ බව කියලා තිබෙනවා.
උතුරු නැගෙනහිර රාජ්‍යය බලය හරි විදිහට බෙදාහරින්න ඕන ජනතාවගෙන් තේරීපත්වන කෙනාගේ අතට එය ලබාදිය යුතුයි, නමුත් එය දිය යුත්තේ ආණ්ඩුකාරවරයාට නොවෙයි." යනුවෙනි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘උතුරු මහඇමැතිට දෙමළ ජාතික සන්ධානයෙන් පිළිතුරු’
de silva Sunday, 02 September 2018 02:01 PM
ඉදිරියට උගත් , බුධිමත් අවංක සමාජයක් තුල ජතිවාධය මාර්කට් කරන්න බැරිබව සුමන්තිරන් වැනි බුධිමතුන් දනිති. විග්නේශ්වරන් උගත්කමක් තිබුනට කිසිම අවංක කමක් නැති බුධියෙන් හීන පුද්ගලයෙකි. අවංකවම කතාකරනවා නම් මොහු මෙපමණ කලක් ජීවත්වුණේ ඉගෙන ගත්තේ , රැකියා කලේ මහාධිකරණ විනිසුරු දක්වා උසස්වීම් ලැබෙනේ සිංහලයන් බහුතරයක් වෙසෙන කොළඹ සිට බව මොහුට අමතක වෙලා.
BamunuarachchiMonday, 03 September 2018 01:42 PM
ඔව් ඔව් මොවුන්ගේ මේ ව්‍යායාමය රටින් කෑල්ලක් කඩා ගැනීමට කරන මූලික අඩිතාලම බව ඔය බුද්ධිමතුන්ට තේරෙන්නේ අපි විනාශ වූ පසුව බව අපි දනිමි. මොවුන් ඔවුන්ගේ ටාගට් එකට ලංවන්නේ බොහොම සෙමින්ය. මොවුන්ගේ ක්‍රියා පටිපාටිය අපි සමග වාද කල ඩයස්පෝරාව හෙළිකර ඇත. ඔවුන් කියන්න තව අවුරුදු 100 කින් හෝ අපි රටින් කෑල්ලක් ගන්නවාය කියාය. රට බෙදන්න එපා බලය බෙදන්නලු. මේ කතා කරන ඊනියා උගතුන්ට පෙනෙන්නේ නැද්ද මෙයා කියන්නේ මොකක්ද කියලා. අපේ ඩ්‍රයිවර් ටත් ඕවා තේරෙන්නේ නැත.