රොමේෂ් මධුෂංඛ
'දෙමළ ජාතික සන්ධානය බලයට පත් වූ පසු දෙමළ ජනතාව වෙනුවෙන් සිදුකළ මෙහෙය, නායකත්වය පරාජය වෙලා තියනවා කියනවා නම් ඒක අමූලික බොරුවක්' යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (1) යාපනයේ මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
‘උතුරේ අත්පත් කරගත් ඉඩම් නැවත ජනතාවට ලබාදීමට ප්‍රධානතම හේතුව වූවේ මේ දේශපාලන වෙනස්කම නිසයි මෙකෙන් කිසිම දෙයක් වෙලා නැහැ කියන එක පිළිගන්න බැහැ දෙමළ ජාතික සන්ධානය දේශපාලන වෙනසක් කරන්න උදව් වුණා. එකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබිල නැහැ කියල කියනවා නම් ඒක අමූලික බොරුවක් එය ජනතාව හොඳින් දන්නවා දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට සම්පූර්ණයෙන්ම විසඳුමක් ලැබුණා කියල අපි කියන්නේ නැහැ මේ ලගදිත් ආර්.සම්පන්දන් විපක්ෂ නායකතුමන් විසින් ජනාධිපතිතුමන් හමුවෙලා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරල තිබුණා ඒ නිසා කිසිම දෙයක් වුණේ නැහැ කියන එක අමූලික බොරුවක් කියා කියන්න මම පසුබට වෙන්නේ නැහැ.
"නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මම ගාල්ලේදී පැවැත්වු කථාවේදී අපිට ෆෙඩරල් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට මා කියු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.මම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි.
නව ව්‍යවස්ථාව ඇති කිරීමට අපගේ පිවිසුම මතභේදයට තුඩුදෙන වචන භාවිතයෙන් වැළකී සිටිමයි. අතුරු වාර්තාවේ බොහෝම පැහැදිලිව ඒ බව කියලා තිබෙනවා.
උතුරු නැගෙනහිර රාජ්‍යය බලය හරි විදිහට බෙදාහරින්න ඕන ජනතාවගෙන් තේරීපත්වන කෙනාගේ අතට එය ලබාදිය යුතුයි, නමුත් එය දිය යුත්තේ ආණ්ඩුකාරවරයාට නොවෙයි." යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියට උගත් , බුධිමත් අවංක සමාජයක් තුල ජතිවාධය මාර්කට් කරන්න බැරිබව සුමන්තිරන් වැනි බුධිමතුන් දනිති. විග්නේශ්වරන් උගත්කමක් තිබුනට කිසිම අවංක කමක් නැති බුධියෙන් හීන පුද්ගලයෙකි. අවංකවම කතාකරනවා නම් මොහු මෙපමණ කලක් ජීවත්වුණේ ඉගෙන ගත්තේ , රැකියා කලේ මහාධිකරණ විනිසුරු දක්වා උසස්වීම් ලැබෙනේ සිංහලයන් බහුතරයක් වෙසෙන කොළඹ සිට බව මොහුට අමතක වෙලා.