IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘ජනාධිපති හා අගමැති අතර ඇත්තේ රටේ සංවර්ධනය නොව කඹ ඇදීමක් පමණයි‘


(මුදිතා දයානන්ද)

අද ජනාධිපතිත් අගමැතිත් අතර කඹ ඇදිල්ලක් මිස රටේ සංවර්ධනය වෙනුවෙන් කරන කිසිවක් නැහැ. ඒ නිසා රටේ ආර්ථිකය බිංදුවටම වැටිලා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අද (24) පැවසීය.

පීරිස් මහතා මෙසේ පැවසුයේ බත්තරමුල්ල නෙලූම් මාවතේදි පැවති මාධ්‍ය හමුවකදි වන අතර තවදුරටත් ඔහු මෙසේ ද පැවසීය.

අද මිනිස්සුන්ට කන්න නැතිවෙන තරමට බඩු මිල ඉහළ ගිහින්. රුපියල කඩා වැටිලා. ආර්ථිකය කඩා වැටිලා. ඒවාට උත්තර හොයනවා වෙනුවට අද අගමැතිත් ජනාධිපතිත් කඹ අදිනවා. කිසිම දෙයක් සම්බන්ධයෙන් දෙදෙනා අතර කිසිම එකගතාවයක් නැහැ. බලයට ආපු ගමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ කීර්තිනාමය නැත්තටම නැති කළා.

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ගැන හොයන්න ජනාධිපති කමිටුවක් පත් කර තිබෙනවා. ගිවිසුම අත්ස්න කරලා මාස අටක් ගියාට පස්සේ තමයි මේක හොයන්නේ. මේවා කරන්න පුලූවන් වැඩද? ඒක ලේසි වැඩක් නෙවෙයි. මේවායින් සිදුවන්නේ රට අස්ථාවර විමයි. 

නාමල් කුමාර හෙලි කරනවා ජනාධිති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරිමේ කුමන්ත‍්‍රණයක් තිබුණා කියලා. ඔහු නිකම් නෙවෙයි සාක්ෂි සහිතව කියනවා. ඒ කුමන්ත‍්‍රණයේ හිටපු කෙනෙක් තමයි නාමල් කුමාරත්. වෙන රටක නම් මේ වෙනකොට දෙන්නාවම අත්අඩංගුවට අරන්. අපේ රටේ තවම මෙහි ප‍්‍රධාන පුද්ගලයෙක් වෙන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වත් අත්අඩංගුවට අරන් නැහැ. මේ පරික්ෂණ සිදුකෙරෙන්න කලින් මුලින්ම ඉවත් වෙන්න  ඕන පොලිස්පතිතුමායි. මහින්ද අමරවීර ඇමතිවරයා පවා කියනවා නාලක සිල්වා අත්අඩංගුවට ගත යුතුයි කියලා. ඒත් එයාලට මොනවත් කරන්න බැහැ. මොකද එක්සත් ජාතික පක්ෂය ඒකට ඉඩ දෙන්නේ නැහැ.



අදහස් (1)

‘ජනාධිපති හා අගමැති අතර ඇත්තේ රටේ සංවර්ධනය නොව කඹ ඇදීමක් පමණයි‘

rohana Monday, 24 September 2018 12:26 PM

අපි ඒකට කමිටුවක් පත්කරගමු ඒකෙන් වැඩක් නැත්නම් තව කමිටුවක් පත් කරගමු.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17797 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site