29 - 30 සුරාසැල්, බුකි, කැසිනෝ, මස්කඩ වසා දමයි වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 29 හා 30 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලූම සුරාසැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ. 26 April 2018
අත්තනගල්ල ව්‍යාපාරිකයා ඝාතනයේ සුලමුල හොයන්න මහජන සහය ඉල්ලයි අත්තනගල්ල රජමහා විහාරය අසල පසුගිය 21 වැනිදා පැවති සංගීත සංදර්ශනයකට කඩාවැදී වෙඩි තබා ව්‍යාපාරිකයකු මරා දමා ගැබිණි කතක ඇතුළු සිව්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමට නිට්ටඹුව පොලිසිය මහජන සහාය පතයි. 26 April 2018
නැගෙනහිර වෛද්‍යවරු වැඩ වරති නැගෙනහිර පළාතේ රජයේ වෛද්‍ය නිළධාරින් විසින් අද (26) පවත්වන ලද සංකේත වැඩ වර්ජනය හේතුවෙන් නැගෙනහිර පළාතේ රෝහල් 123 ක පමණ බාහිර රෝගි අංශයේ සහ සායන කටයුතු මුළුමනින්ම අඩාල විය. 26 April 2018
ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ් පර්පචුවල් ට්‍රෙෂරිස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන මැයි 10 වැනි දා දක්වා යළී රිමාන්ඩ් කරන ලෙස අධිකරණය නියෝග කළේය. 26 April 2018
මෝටර් රියක් වියානා ඇළට පෙරැළෙයි බදුල්ල ප්‍රධාන මහියංගන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් අද (26) එම මාර්ගය අතරතුර පිහිටි වියානා ඇළ මාර්ගයේ මාපාකඩ 08 කණුව ප්‍රදේශයේදී මහවැලි ඇළට පෙරැළී අනතුරට ලක්ව ඇතැයි මහියංගණ පොලීසිය පවසයි. 26 April 2018
වැසි සහිත සුළඟින් මුලතිව් නිවාස රැසකට හානි කලකට පසුව පැවති නියං තත්ත්වය හමාර කරමින් මුලතිව් ඔඩ්ඩුසුඩාන් මාන්කුලම් ප්‍රදේශයට ඊයේ (25) රාත්‍රියේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඇති වූ සුළගින් නිවාස රැසකට හානි සිදුව ඇත. 26 April 2018
ඉන්දියාවේ අනතුරකින් පාසල් ළමයි 13 ක් මරුට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි පාසල් බස් රථයක් සිඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් අවම වශයෙන් ළමයින් 13 දෙනෙකු මිය ගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි. 26 April 2018
එජාපයේ මුල්පුටු පෙරළෙයි එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට අලුතින් තෝරා පත්කර ගැනීම ඊයේ සිදු කෙරිණි. 26 April 2018
ඇමෙරිකා නාවික හමුදාවේ ජංගම රෝහල් නෞකාව ත්‍රිකුණාමලයට ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකාව වන ‘යු.එස්.එන්.එස් මර්සි’ නෞකාව ත්‍රිකුණාමල වරයාට අද (25) සේන්දු විය. 25 April 2018
අයහපත් කාලගුණය නිසා ඕමානයේ ගුවන් යානයක් මත්තලට කටුනායක ගුවන්තොටුපොලේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඕමානයේ සිට කටුනායකට පැමිණි ඕමාන් එයාර් ගුවන් යානය ගුවන් මගීන් සමඟ අද (25) මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බව මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල කළමණාකරු උපුල් කලංසූරිය මහතා කීය. 25 April 2018
මහවැලි එච් කලාපයේ අලුත් සහල් මංගල්‍යය අවුකන පිළිම වහන්සේ අභියසදී මහවැලි එච් කළාපයේ අලුත් සහල් මංගල්‍යය උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවුකන පිළිම වහන්සේ අභියසදී අද (25) පැවැත්විණි. 25 April 2018
හොරෙන් ඕස්ට්‍රේලියා ගිය 8ක් ආපසු ලංකාවට බහුදින යාත්‍රාවකින් ශ්‍රි ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගොස් නීති විරෝධිව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රි ලංකිකයන් 8දෙනෙකු මෙරටට පිටුවහල් කර එවා තිබේ. 25 April 2018
මැයි 7 නිවාඩුව පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන වලටත් පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මැයි මස 7 වැනි දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා ලංකාදීපයට පැවැසීය. 25 April 2018
සෆාරි උද්‍යානයට කඩා වැදුණු වන අලියා උඩවලවට අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයට කඩා වැදුණු වන අලියා වන ජීවී නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකින් අනතුරව නිර්වින්දය කොට අල්ලාගෙන අද (25) සෆාරි උද්‍යානයෙන් ඉවත් කළ බව හම්බන්තොට වන ජිවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී විජය කුමාර මහතා පැවසීය. 25 April 2018
රාජ්‍ය ආයතන සතු ජෙනරේටර් මගින් විදුලිය ලබාගැනීමේ යෝජනාවක් රටතුළ හදිසි විදුලි අවශ්‍යතා ඇතිවන විට රාජ්‍ය ආයතන සතු ජනන යන්ත්‍ර (ජෙනරේටර්) මගින් විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසීය. 25 April 2018
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජනපතිගේ ඇගයීමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (25) ජනාධිපති කාර්යාලයේදී පැවති උත්සවයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇගයීමට ලක්වූහ. 25 April 2018
දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනම් කරන්න - ජනපති දිගු කාල පාරාසයක් (2018 - 2037) සඳහා පිළියෙල කළ දිගු කාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් ක්රීයාවට නැංවීමට පියවර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට අද (25) උපදෙස් දුන්නේය. 25 April 2018
ලක්ෂ 15ක් වටිනා මත්පෙති කෙරවලපිටියේ නිවසකින් පාසල් දරුවන්ට විකිණීමට සුදානම් කර තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා මත්පෙති හා කේරල ගංජා තොගයක් වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ නිවසකින් අද (25) සොයා ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි. 25 April 2018
මඩකළපුව මාර්ගයේ කැණීමකින් ඉපැරණි බුදුපිළිම මතුවෙයි පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 28 වෙනි සැතපුම් කණුවට නුදුරින් පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකළ කැණීම් වලදී ඉපැරණි බුදු පිළිම කිහිපයක් හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව කියයි. 25 April 2018
සිංගප්පුරු-ශ්‍රි ලංකා වෙළඳ ගිවිසුම අත්හිටුවන්නැයි ඉල්ලයි දැනට අස්සන් කර ඇති සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලාත්මක කරවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කරන ලෙස ඉංජිනේරු සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලිමක් කළේය. 25 April 2018
‘මැයි පළමු වැනි දා මහ පාරේ හරි කම්කරු දිනය සමරනවා ‘ - පෙරටුගාමීන් මැයි පළමුවැනිදා කම්කරු දිනය සැමරීම තහනම් කරමින් රැළිය සඳහා පිටියක් හෝ ශාලාවක් ලබා දීම පවා ප්‍රතික්ෂේප කළත් තම පක්ෂය මහ පාරේ හෝ මැයි පෙළපාලි හා රැළිය පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. 25 April 2018
වෑකන්ද නිවාස යෝජනා ක්රමයේ පවුල් 114 ක් ඉවතට කොළඹ 02, ස්ටුවර්ට් වීදියේ වෑකන්ද නිවාස යෝජනා ක්රමයේ ගොඩනැඟිලි ඉතාම අවදානම් තත්ත්වයක පවතින බැවින් එහි ජීවත්වන පවුල් 114කට අයත් 700ක් පමණ පිරිස වහාම ඉවත් කර ඔවුන් සුරක්ෂිත ස්ථානකරා යොමුකරන ලෙස 25 April 2018
රැකියා විරහිත උපාධිධරයෝ පාරට බසිති රැකියා විරහිත උපාධිධාරීන් පනස් හත්දහස සඳහාම කප්පාදුවකින් තොරව රැකියා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (25) දහවල් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි. 25 April 2018
මාරයා එන්න හෝරාවකට කලින් රේණුකාට ගෙදර මතක් වෙයි ‘‘ඔය අනතුර වෙන්න පැයකට විතර කලියෙන් පුංචි මට කෝල් කරා. එතකොට රෑ 11 විතර ඇති. පුංචි ඇහුවා අම්මා ඉන්නවාද කියලා මම කිව්වා අම්මලා නිදි කියලා. 25 April 2018
තංගල්ල උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසාදැමේ විරෝධතාවයක් හේතුවෙන් තංගල්ල උසස් තාක්ෂණ ආයතනය නැවත දැනුම්දෙන තුරු වසාදැමීමට විද්‍යාලයේ පාලන අධිකාරිය අද (25) දහවල් තීරණය කර ඇත. 25 April 2018
ගුවන්තොටුපොළේ වැසිකිළිය තුළ වැටී සිටි විදේශිකයා මරුට ඉන්දීය ජාතිකයකු අද (25) කටුනායක ගුවන්තොටුපළ පිහිටි වැසිකිලියක් තුළ වැටී සිටියදි මීගමුව මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 25 April 2018
ශ්‍රී ලන්කන් කොමිසමේ සාක්කි සටහන් කරගැනීම ඉදිරි සති දෙකේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අදාළ පුද්ගලයින්ගේ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙකේ දී අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 25 April 2018
කැනඩාවේ රිය අනතුරෙන් ලාංකික කතක් මරුට කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවක් මතට වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරකින් මියගිය පුද්ගලයින් 10 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිටින බව තානාපති ආරංචි මාර්ග කියා සිටී. 25 April 2018
වෙසක් සමයේ කොළඹ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3000 වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ ආරක්ෂාවට වෙනුවෙන් සහ රථවාහන හැසිරවීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3000 ක පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 25 April 2018
පලාවිය අනතුරකින් කාන්තාවක් මරුට : 6 ක් රෝහලේ පාලාවිය වන්නිතිව්ව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් කාන්තාවක් මියගොස් හය දෙනෙකු රෝහල් ගත කර තිබේ. 25 April 2018
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026