16 කණ්ඩායමේ තීරණාත්මක හමුව අද
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප ඇමැතිවරුන් හා ජනාධිපතිවරයා අතර තීරණාත්මක හමුවක් අද (24) පස්වරුවේ පැවැත්වෙයි. විපක්ෂයේ අසුන් ගැනීමට ගෙන ඇති තීරණය, පක්ෂයේ ප්‍රධාන තනතුරුවල සංශෝධනය, මැයි
දින උත්සවය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ලංකාදීපයට පැවැසීය.